මේ දිනවල
ව්ලදිමීර් බොගොමොලොව්ගේ
ඉවාන් නම් පොත
බිරිඳ කියවමින් ඉන්නවා.
ඇය පොත ආරම්භයේදිම
එහි සඳහන් වෙන අපූරු කොලුවා ගැන
ඉතාම උද්‍යෝගයෙන් විස්තර කිව්වා.
ඇගේ විස්තරයට අනුව
පාඨකයාගේ කුතුහලය දියුණු වෙන විදියට
ලේඛකයා සිදුවීම ගොඩ නගා ඇති අයුරුත්
චරිත නිරූපනය කර ඇති ආකාරයත්
විශිෂ්ඨයි..
කොලුවා කඳවුරට පැමිණි බව
දුරකථනයෙන් දැනුම් දෙන කපිතාන් සහ
ඔහුගේ ඉහළ නිලධාරියාත් අතර
හුවමාරුවෙන දෙබස් ඛණ්ඩ දෙක තුනෙන්
ඒ චරිත දෙක පිළිබඳව
හොඳ රූපයක් මැවෙනවා.
ඔහු වෙනත් තැනක සිටීම
කතුවරයාට ගැටළුවක් නොවෙයි.
ඉහල නිළධාරියාගේ
නුරුස්සන සුළු නොසැලකිලිමත් බව
ඉතා හොඳින් අපට දැනෙනවා.
කතාවෙහි කිසියම් මූසල ස්වභාවයක් දක්නට ලැබුණ නිසා
කොලුවා මැරෙනු ඇතැයි බිරිඳ සිතා තියනවා.
එහි එක් චරිතයක් වෙඩි වැදී මිය යනවා.
ඔහු කොලුවාට ඉතා සමීප කෙනෙක්.
ඒ මූසල ස්වභාවයට හේතුව
මේ චරිතය මිය යන්නට තිබීම විය හැකියයි
ඇය පවසනවා.
මා පොතේ මැද හරියෙන්
පිටු කිහිපයක් කියවන විට
මේ ඡේදය මා දුටුවා.
-------------------
අපි සීනි අහුරු දෙක බැගින් කටට දමාගෙන හැපුවෙමු. එය අපේ ඇසීමේ හා පෙනීමේ ශක්තිය තියුණු කිරීමට හේතු වී.
ඉදිරියෙන් මැෂින් තුවක්කු වෙඩි වැලක් පුපුරා හැලෙන්නට ගන්නා විට අප ගඟ මැදට ආවා පමණි. අප වටේට ඉතා සමීපයෙන් උණ්ඩ ඉගිලී ගියේ ජලතලය සිප ගනිමින් සිහින් ජලබිඳු විසුරුවා ලමිනි.
''ඒ. එම්. ජී. තිස් හතර'' මට තුරුල්වන ගමන් ළමයා ස්ථිර හඬින් කීය.
"බයවුණාද?
"චුට්ටක්" ඇසෙන නෑසෙන තරම් හෙමිහිට ඔහු පිළිගත්තේය. "මට හරිම අමාරුයි ඒකට හුරුවෙන්න න. මං හිතන්නෙ ස්නායු දුර්වලකම" සමාව අයදින ස්වරයකින් ඔහු යළි මෙසේ කීවේය. "අනේ මට ඔය වෙඩි වලට නම් හුරුවෙන්නම බෑ. හරිම පිළිකුල්" මෙසේ බියපත්ව අයදින්නට සිදුවීම තුලින් මෙවැනි අභිමානවත් දරුවෙකුට මොනතරම් ලැජ්ජාවක් දැනේද යන්න මට පහසුවෙන් සිතාගත හැක.
--------------------------------
ඉහත ඡේදය කියවීමෙන් පමණක්
කොලුවාගේ චරිතය ගැනත්
කතාව කියන්නාගේ කොලුවාට ඇති බැඳීම,
ආදරය, ගෞරවය ආදී තොරතුරු රැසක් අපට හෙළිවෙයි.
නූතන නවකතා රචකයෙක් නම්
මේ උතුම් සබඳතාවය
සමලිංගික සබඳතාවයක් බවට පත්කොට
පොතත් පාඨකයාත් දූෂණය කරන්නට
අවකාශ තිබුණා.
දූෂිත සිත් ඇති පාඨකයින්
පොත රස කරමින් කියවන්නටත් ඉඩ තිබුණා.
ඇසෙන නෑසෙන තරම් හෙමිහිට
සමාව අයදින ස්වරයකින්
රුසියානු කතාවන්හි දක්නට ලැබෙන
මෙවැනි කුඩා යෙදුම් වලින්
ඒ චරිතවලට ලැබෙන ආලෝකය මහත්ය.
"චුට්ටක්" ඇසෙන නෑසෙන තරම් හෙමිහිට ඔහු පිළිගත්තේය.
මේ වැකිය වෙනුවට
"චුට්ටක්" ඔහු කීවේය.
කියා ලියන්නත් තිබුණා.
ඔහු යමක් අකමැත්තෙන් පිළිගත්තා කියද්දි
ඔහු කිව්වා කියනවාට වඩා හොඳ
උණුසුම් චිත්ත රූපයක්
අපේ සිත්වල මැවෙනවා.
මේ චිත්ත රූප මැවීම
රචකයාගේ දක්ෂ කමයි.
ඒ චිත්ත රූපවල සැර බාල නොකොට
අපහසුවකින් තොරව අප සිත් තුළ මවන්නට
චූලානන්ද සමරනායකගේ
විශිෂ්ඨ පරිවර්තන ශෛලිය
ප්‍රබල හේතුවක් වෙනවා.
සිරිල් සී පෙරේරා, මුනිදාස සෙනරත් යාපා,
වැන්නවුන්ගේ ශෛලිවල අප දකින
ගෞරවණීය බවට සමීප විය හැකි
මුල් කෘතියක් මෙන් දැනෙන
සරල, සුගම මෙන්ම පිරිපුන් බවක්
චූලානන්දගේ පරිවර්තනවල
දක්නට ලැබෙනවා.
මේ ලේඛකයාගේ නවකතාවක් වන
The Moment of Truth ලියද්දී
සටහන් ලේඛන 24679ක් පරිශීලනය කොට තිබීම
ලේඛකයාගේ කැපවීම පිළිබඳව
ඉතා ප්‍රබල සලකුණක්.
පරිවර්තනය කරන්නට
ගැලපෙන කෘති තෝරාගැනීමද
පරිවර්තකයෙකුගේ විශේෂත්වයක්.
ප්‍රකාශක ජනක ඉණිමංකඩත්
මේ සාර්ථකත්වයට රුකුලක් වෙන්නට ඇති.
"මේක දැක්කාම මට හමුදාවට යන්න හිතෙනවා''
වරක් බිරිඳ ආවේග ශීලීව කීවාය..
"මේකෙ තියන දේවල් හරිම මානුෂිකයි"
=================================
ව්ලදිමීර් බොගොමොලොව්ගේ
ඉවාන් නම් පොත
බිරිඳ කියවමින් ඉන්නවා.
ඇය පොත ආරම්භයේදිම
එහි සඳහන් වෙන අපූරු කොලුවා ගැන
ඉතාම උද්‍යෝගයෙන් විස්තර කිව්වා.
ඇගේ විස්තරයට අනුව
පාඨකයාගේ කුතුහලය දියුණු වෙන විදියට
ලේඛකයා සිදුවීම ගොඩ නගා ඇති අයුරුත්
චරිත නිරූපනය කර ඇති ආකාරයත්
විශිෂ්ඨයි..
කොලුවා කඳවුරට පැමිණි බව
දුරකථනයෙන් දැනුම් දෙන කපිතාන් සහ
ඔහුගේ ඉහළ නිලධාරියාත් අතර
හුවමාරුවෙන දෙබස් ඛණ්ඩ දෙක තුනෙන්
ඒ චරිත දෙක පිළිබඳව
හොඳ රූපයක් මැවෙනවා.
ඔහු වෙනත් තැනක සිටීම
කතුවරයාට ගැටළුවක් නොවෙයි.
ඉහල නිළධාරියාගේ
නුරුස්සන සුළු නොසැලකිලිමත් බව
ඉතා හොඳින් අපට දැනෙනවා.
කතාවෙහි කිසියම් මූසල ස්වභාවයක් දක්නට ලැබුණ නිසා
කොලුවා මැරෙනු ඇතැයි බිරිඳ සිතා තියනවා.
එහි එක් චරිතයක් වෙඩි වැදී මිය යනවා.
ඔහු කොලුවාට ඉතා සමීප කෙනෙක්.
ඒ මූසල ස්වභාවයට හේතුව
මේ චරිතය මිය යන්නට තිබීම විය හැකියයි
ඇය පවසනවා.
මා පොතේ මැද හරියෙන්
පිටු කිහිපයක් කියවන විට
මේ ඡේදය මා දුටුවා.
-------------------
අපි සීනි අහුරු දෙක බැගින් කටට දමාගෙන හැපුවෙමු. එය අපේ ඇසීමේ හා පෙනීමේ ශක්තිය තියුණු කිරීමට හේතු වී.
ඉදිරියෙන් මැෂින් තුවක්කු වෙඩි වැලක් පුපුරා හැලෙන්නට ගන්නා විට අප ගඟ මැදට ආවා පමණි. අප වටේට ඉතා සමීපයෙන් උණ්ඩ ඉගිලී ගියේ ජලතලය සිප ගනිමින් සිහින් ජලබිඳු විසුරුවා ලමිනි.
''ඒ. එම්. ජී. තිස් හතර'' මට තුරුල්වන ගමන් ළමයා ස්ථිර හඬින් කීය.
"බයවුණාද?
"චුට්ටක්" ඇසෙන නෑසෙන තරම් හෙමිහිට ඔහු පිළිගත්තේය. "මට හරිම අමාරුයි ඒකට හුරුවෙන්න න. මං හිතන්නෙ ස්නායු දුර්වලකම" සමාව අයදින ස්වරයකින් ඔහු යළි මෙසේ කීවේය. "අනේ මට ඔය වෙඩි වලට නම් හුරුවෙන්නම බෑ. හරිම පිළිකුල්" මෙසේ බියපත්ව අයදින්නට සිදුවීම තුලින් මෙවැනි අභිමානවත් දරුවෙකුට මොනතරම් ලැජ්ජාවක් දැනේද යන්න මට පහසුවෙන් සිතාගත හැක.
--------------------------------
ඉහත ඡේදය කියවීමෙන් පමණක්
කොලුවාගේ චරිතය ගැනත්
කතාව කියන්නාගේ කොලුවාට ඇති බැඳීම,
ආදරය, ගෞරවය ආදී තොරතුරු රැසක් අපට හෙළිවෙයි.
නූතන නවකතා රචකයෙක් නම්
මේ උතුම් සබඳතාවය
සමලිංගික සබඳතාවයක් බවට පත්කොට
පොතත් පාඨකයාත් දූෂණය කරන්නට
අවකාශ තිබුණා.
දූෂිත සිත් ඇති පාඨකයින්
පොත රස කරමින් කියවන්නටත් ඉඩ තිබුණා.
ඇසෙන නෑසෙන තරම් හෙමිහිට
සමාව අයදින ස්වරයකින්
රුසියානු කතාවන්හි දක්නට ලැබෙන
මෙවැනි කුඩා යෙදුම් වලින්
ඒ චරිතවලට ලැබෙන ආලෝකය මහත්ය.
"චුට්ටක්" ඇසෙන නෑසෙන තරම් හෙමිහිට ඔහු පිළිගත්තේය.
මේ වැකිය වෙනුවට
"චුට්ටක්" ඔහු කීවේය.
කියා ලියන්නත් තිබුණා.
ඔහු යමක් අකමැත්තෙන් පිළිගත්තා කියද්දි
ඔහු කිව්වා කියනවාට වඩා හොඳ
උණුසුම් චිත්ත රූපයක්
අපේ සිත්වල මැවෙනවා.
මේ චිත්ත රූප මැවීම
රචකයාගේ දක්ෂ කමයි.
ඒ චිත්ත රූපවල සැර බාල නොකොට
අපහසුවකින් තොරව අප සිත් තුළ මවන්නට
චූලානන්ද සමරනායකගේ
විශිෂ්ඨ පරිවර්තන ශෛලිය
ප්‍රබල හේතුවක් වෙනවා.
සිරිල් සී පෙරේරා, මුනිදාස සෙනරත් යාපා,
වැන්නවුන්ගේ ශෛලිවල අප දකින
ගෞරවණීය බවට සමීප විය හැකි
මුල් කෘතියක් මෙන් දැනෙන
සරල, සුගම මෙන්ම පිරිපුන් බවක්
චූලානන්දගේ පරිවර්තනවල
දක්නට ලැබෙනවා.
මේ ලේඛකයාගේ නවකතාවක් වන
The Moment of Truth ලියද්දී
සටහන් ලේඛන 24679ක් පරිශීලනය කොට තිබීම
ලේඛකයාගේ කැපවීම පිළිබඳව
ඉතා ප්‍රබල සලකුණක්.
පරිවර්තනය කරන්නට
ගැලපෙන කෘති තෝරාගැනීමද
පරිවර්තකයෙකුගේ විශේෂත්වයක්.
ප්‍රකාශක ජනක ඉණිමංකඩත්
මේ සාර්ථකත්වයට රුකුලක් වෙන්නට ඇති.
"මේක දැක්කාම මට හමුදාවට යන්න හිතෙනවා''
වරක් බිරිඳ ආවේග ශීලීව කීවාය..
"මේකෙ තියන දේවල් හරිම මානුෂිකයි"
=================================
Ajitha Edirisinghe
[[අතුල පොත් බලන්නේ බිරිඳගේ ඇස් වලින්ද? ]]]
[[අතුල පොත් බලන්නේ බිරිඳගේ ඇස් වලින්ද? ]]]
ඔව්...
පොතක් මුලින්ම දකින්නෙ
ඇගේ ඇස් වලින්..
පොත කියවන්නෙ ඇය නිසා.
ඇය මට ඉදිරිපත් කරන ටික ගැන
මට මගේ දැක්මක් තියනවා..
ඊට පස්සෙ
අපි අපේ දැක්ම සසඳනවා.
දෙදෙනාම පෝෂණය වෙනවා.
මම කියවන්න පටන් ගත්තෙ
අවුරුදු තුනේදි.
පොඩිකාලෙ ඉඳලා
අවුරුදු දහනවයෙදි
චිත්‍ර අඳින්න යොමුවෙන තුරු
පාරෙ යන ගමනුත් පොත් කියෙව්වා.
ඒ කාලෙ පොත් තේරුවෙ නෑ.
චිත්‍ර අඳින්න පටන් ගත්තට පස්සෙ
පොතක් කියෙව්වෙ
පොත විශේෂ නම් විතරයි.
මම කියවන්න පටන් ගත්තෙඅවුරුදු තුනේදි.
පොඩිකාලෙ ඉඳලා
අවුරුදු දහනවයෙදි
චිත්‍ර අඳින්න යොමුවෙන තුරු
පාරෙ යන ගමනුත් පොත් කියෙව්වා.
ඒ කාලෙ පොත් තේරුවෙ නෑ.
චිත්‍ර අඳින්න පටන් ගත්තට පස්සෙ
පොතක් කියෙව්වෙ විශේෂ නම් විතරයි.
බිරිඳත් කුඩා කාලයේ සිටම
පොත් කියවීමට ඇබ්බැහි වූ කෙනෙක්.
ඇය වාර්ෂික පොත් ප්‍රදර්ශනයෙන්
අවුරුද්දටම සෑහෙන්න පොත් ගන්නවා.
දැන් පොත් කියවීම හොඳටම අඩු වුණාට
පොත් කියවීමෙන් එදා ලද තෘප්තිය
අදටත් මම විඳිනවා.
එදාටත් වඩා විඳිනවා කියා
කිව හැකියි..
මා මෙන්ම බිරිඳත්
පොතක කතාවට වැඩිය රස විඳින්නෙ
චරිත ලක්ෂණ, ඔවුන් විඳින හැඟීම්
සහ ඔවුන් ජීවිතයට ප්‍රතිචාර දක්වන විදියයි..
පොතක් හොඳ නම්, නැත්නම් නරක නම්
ඇය ඒ පොත ගැන නිතර කියනවා.
ඇය ඇගේ අදහස කියන්නට පෙර
පොතේ අදාළ කොටස කියනවා.
නැත්නම් මම කියවනවා.
ඇයට ගැටළු සහගත,
සංකා සහිත තැනක් ආවොත්
අපි කතා කරනවා.
ඇය පොතක් කියවද්දි
මා සමග කතා කරන්නෙ
අපි දෙන්නම අගය කරන සිදුවීම්,
සහ චරිත නිරූපනය...
ලේඛකයා ඔහුට අවශ්‍ය දේ කරගන්නට
භාවිතා කර ඇති උපක්‍රම සමග
ඔහුගෙ චරිතය, ගුණාංග ආදිය
පොතට බලපා ඇති අන්දමත්
අපි කතා කරනවා.
චිත්‍රකතා අඳින චිත්‍රශිල්පියෙක් විදියට
මේ සාකච්ඡා වෘත්තීයමය වශයෙනුත්
මට බෙහෙවින් ප්‍රයෝජනවත් වෙනවා.
මේ සටහන් වල තියෙන්නෙ
අපි දෙදෙනාම එකඟ වෙන කරුණු
කියලා කිව්වොත් නිවැරදියි.
සැලකිල්ලෙන් කියවන කෙනෙකුට අවශ්‍ය නම්
මගේ තනි අදහස් වෙන් කරගන්න පුලුවන්..