Monday, August 15, 2016

මම චිත්‍රකතා අඳින්න පදනම් වුණ චිත්‍රයක්.




ඒ දිනවල ඉතාම ජනප්‍රිය වූ සුසීමා චිත්‍රකතාවෙ දසුනක්..

කාබන් කොළයක් තියලා ට්‍රේස් කරලා
කලු බෝල් පොයින්ට් එකෙන් රේඛා ඇඳලා
ඉතිරිය දියසායමෙන්.


ඒ දිනවල සමරුපොත් වලට
මේ චිත්‍ර ඇඳල ඉල්ලපු
පාසල් සිසු සිසුවියන් නිසයි
මම චිත්‍රකතා අඳින්න හුරු වුණේ.

පාසල් සිසුවෙක් විදියට
ජනක අයියට ලියූ ලියුම් වලට
චිත්‍රකතාවල ලියන
ලස්සණ අකුරුවලින්ම පිළිතුරු ලියා
කොළඹ එන්නට, ලේක් හවුස් ආයතනයට
ඇතුල්වෙලා ඔහුත්, වික්‍රම, අනුර,
බන්ධුල මාස්ටර් අඳින අයුරු බලා ඉන්නට
ඒ ඇසුර ලොකු පිටුවහලක් වුණා.
ඒ අත්දැකීම් මගේ චිත්‍රකතා ඇඳීමෙ මුදුන් මුල බව
දැඩි මිතුරු සෙනෙහසකින් සහ
ගුරු ගෞරවයෙන් යුතුව සිහිපත් කරනවා.