Yasanuwan Basuru අංකල් ජීව විද්‍යාව හදාරුවෙ වෛද්‍යවරයෙකු වෙන්න ආසාවෙන් ද?
චිත්‍ර වලට ආසාවෙන් ජීව විද්‍යාව කරපු කෙනෙක් ඇහුවමයි. ඇයි උසස් පෙලට කලා විශයන් නොකලේ?
ජීව විද්‍යා අංශයෙන් හැදැරුවාට
වෛද්‍යවරයෙක් වෙන්න මට කවදාවත්ම
ආශාවක් තිබුණෙ නෑ.
කොළේක බෙහෙත් ලියා දීල
රෝගියා වෙන අයට භාරදීල
තෘප්තිමත් වෙන්න මට බැහැ.
බෙහෙත් හදන එක, හෙදකම ආදී
සියල්ලම මගේ අනුදැනුමෙන්
කරන්න පුලුවන් නම් විතරක්
වෛද්‍යවරයෙක් වෙන්න මම කැමතියි.
කෙනෙක් මාව විශ්වාස කළොත්
ඔහු සුව වෙන තුරු වගකීම
මා සතුව, මගේ පාලනය යටතේ නැත්නම්
මම වෛද්‍යවරයෙක් වෙන්න කැමති නෑ.
මේ හේතු මට එදා හිතුණ බවක්
මට මතක නෑහැ.
ඇත්තටම මම පටන් ගනිද්දි අරමුණු කළේ
පිළිකාව වැනි බෙහෙත් නැති රෝගවලට
බෙහෙත් සොයන විද්‍යාඥයෙක් වෙන්නයි.
විපස්සනා ලැබුණට පස්සෙ
ඒ අවශ්‍යතාවය ගිළිහුණා කියල
මම හිතනවා.
මිනිස් ඉතිහාසයෙහි කිසිවෙක්
මෙතෙක් ප්‍රතිකාර සොයාගෙන නොතිබුණ,
අහිංසක මිනිසුන් දරුණු අපරාධ කාරයන් බවට
මොහොතකින් පත් කරන්නට හැකියාව ඇති
ඉතාම අසාධ්‍ය භයානක රෝගවලට,
ම්නිසා සොයාගත් හොඳම ඔසුව
සහ ප්‍රතිකාරය විපස්සනායි.
විද්‍යා අංශයෙන් ඉගෙන ගත් චිත්‍ර ශිල්පීන් ලේඛකයන්
ලෝකෙ ඕනතරම් ඇති.
මේ දෙක කරන්නෙ මොළේ දෙපැත්තෙන් බව ඇත්ත වුණත්
මේ දෙකෙන්ම සාර්ථක මිනිහෙක් වෙන්න
මේ දෙපැත්තම අවශ්‍යයි.
අයින්ස්ටයින්ගෙ මොළේ දකුණු පැත්ත
ඉතාම ප්‍රබල නිසයි ඔහු විශේෂ කෙනෙක් වෙන්නෙ.
ඩා වින්චිගෙ මොළේ වම්පැත්ත දියුණු නිසයි
ඔහු විශේෂ චිත්‍ර ශිල්පියක් වෙන්නෙ.
කුඩාම කාලෙ අම්මා කතා කියද්දි
මම රසවින්දෙ චිත්ත රූප කියල මට හිතෙනවා.
පොත් වල අතරින් පතර තියන චිත්‍ර වලින් පටන් ගෙන
චිත්‍රකතාවලට මගේ තිබුණ ආශාව සහ
චිත්‍රකතා වලින් වින්ද වින්දනය නිසා මා තුළ වූ විශ්වාසය
මා චිත්‍රකතා වලට යොමුවෙන්න හේතුවයි.
ඒ වින්දනය බෙදාගන්න ආශාවක්
ඉබේම ඇති වෙලා තිබුණා.
මතක හිටින ආසාවකින්
පාසලේ චිත්‍ර ඇඳ නොතිබුණත්
අඳින්න යොමුවෙලා ඉතාම කෙටි කලකින්
සති කිහිපයකින් වෙන්න පුලුවන්...
මේ මගේ ජීවන මාර්ගය බව
මම තේරුම් ගත්තා.
අවුරුදු 19දී
පැහැදිලිව මගේ අරමුණ ලිවූ දිනපොතක්
අදත් මා ළඟ තියනවා.
මම චිත්‍ර ඇඳීම රැකියාවක් විදියට
කවදාවත් දැකලා නැහැ..
පිටපතට අකමැති නම් සල්ලි දුන්නට
මට අඳින්න බැහැ.
වෛද්‍යවරයෙකුගෙ කෝණයෙන් බැලුවාම
මෙ හැඟීම් තේරුම් ගන්න බැරි වෙයි.
තමන්ට සුව කිරීමට බැරි නම්
රෝගියා හරවා යැවිය යුතුයි
කියා මම විශ්වාස කරනවා.
මෙහි හමු වුණ වෛද්‍යවරයෙකුට
වාදයකදි කියැවුණා...
"වෙන කෙනෙක් ළඟට යාවි කියල හිතලා
රෝගයක් නැති අයටත්
බොරු බෙහෙතක් දීල යවනවා" කියලා.
ඒ ආකල්පය වැරදියි.
මගේ මිතුරෙක් මට කිව්වා,
ඔහු දන්නා වෛද්‍යවරයෙක් ඒ වගේ වෙලාවට
"ඔය ලෙඩක් නොවෙයි" කියා
හරවා එවන බව.
මම හිතන්නේ ඒ තැනැත්තා බුද්ධිමත් නම්
වෙනත් වෛද්‍යවරයෙක් ළඟට යොමු වෙන්නෙ නෑ.
පහසුවෙන් රෝග සුව වෙන්න නම්
රෝගියාත් බුද්ධිමත් විය යුතුයි.
වෛද්‍ය විද්‍යා ශිෂ්‍යයෙක් විදියට ඉඳලා
චිත්‍ර ශීල්පයට යොමු වෙන්න
මූලිකම හේතු මේවායි..
ඒ වගේම මම කවදාවත්
මගේ අතීතය ගැන තැවෙන්නෙ නෑ.
මම හිතාමතා කළ වැරදිත්
නොදන්නා කමට, හැඟීම් වලට වහල් වී
සිදු වුණ වැරදිත් අනන්තයි..
ඒ කිසිවක් ගැන තැවෙන්නෙ නෑ.
මම හිතන්නෙ නෑ
විද්‍යාඥයෙක් වුණත් මේ සැනසිල්ල
මට තියේවි කියලා.
මිනිස්සු මත්පැනෙන් සොයන්නේ මේ මානසිකත්වය
මේ තෘප්තිය කියා මම හිතනවා.
මත්පැන් ගත්තොත් මේ සැනසිල්ල බිඳෙනවා.
සිහියෙන් විසීම මේ සැනසිල්ල සමග සම්බන්ධයි.
බොහෝ විස්තර මගහැරලායි ලිව්වෙ..
ඒ නිසා අපිළිවෙලක් ඇති.
මේ කියපු දේවල් වලින්...
අනවශ්‍ය ටික අයින් කරලා
අවශ්‍ය ටික ගන්න.
වෛද්‍යවරයෙක් වෙන්න මට කවදාවත්ම
ආශාවක් තිබුණෙ නෑ.
කොළේක බෙහෙත් ලියා දීල
රෝගියා වෙන අයට භාරදීල
තෘප්තිමත් වෙන්න මට බැහැ.
බෙහෙත් හදන එක, හෙදකම ආදී
සියල්ලම මගේ අනුදැනුමෙන්
කරන්න පුලුවන් නම් විතරක්
වෛද්‍යවරයෙක් වෙන්න මම කැමතියි.
කෙනෙක් මාව විශ්වාස කළොත්
ඔහු සුව වෙන තුරු වගකීම
මා සතුව, මගේ පාලනය යටතේ නැත්නම්
මම වෛද්‍යවරයෙක් වෙන්න කැමති නෑ.
මේ හේතු මට එදා හිතුණ බවක්
මට මතක නෑහැ.
ඇත්තටම මම පටන් ගනිද්දි අරමුණු කළේ
පිළිකාව වැනි බෙහෙත් නැති රෝගවලට
බෙහෙත් සොයන විද්‍යාඥයෙක් වෙන්නයි.
විපස්සනා ලැබුණට පස්සෙ
ඒ අවශ්‍යතාවය ගිළිහුණා කියල
මම හිතනවා.
මිනිස් ඉතිහාසයෙහි කිසිවෙක්
මෙතෙක් ප්‍රතිකාර සොයාගෙන නොතිබුණ,
අහිංසක මිනිසුන් දරුණු අපරාධ කාරයන් බවට
මොහොතකින් පත් කරන්නට හැකියාව ඇති
ඉතාම අසාධ්‍ය භයානක රෝගවලට,
ම්නිසා සොයාගත් හොඳම ඔසුව
සහ ප්‍රතිකාරය විපස්සනායි.
විද්‍යා අංශයෙන් ඉගෙන ගත් චිත්‍ර ශිල්පීන් ලේඛකයන්
ලෝකෙ ඕනතරම් ඇති.
මේ දෙක කරන්නෙ මොළේ දෙපැත්තෙන් බව ඇත්ත වුණත්
මේ දෙකෙන්ම සාර්ථක මිනිහෙක් වෙන්න
මේ දෙපැත්තම අවශ්‍යයි.
අයින්ස්ටයින්ගෙ මොළේ දකුණු පැත්ත
ඉතාම ප්‍රබල නිසයි ඔහු විශේෂ කෙනෙක් වෙන්නෙ.
ඩා වින්චිගෙ මොළේ වම්පැත්ත දියුණු නිසයි
ඔහු විශේෂ චිත්‍ර ශිල්පියක් වෙන්නෙ.
කුඩාම කාලෙ අම්මා කතා කියද්දි
මම රසවින්දෙ චිත්ත රූප කියල මට හිතෙනවා.
පොත් වල අතරින් පතර තියන චිත්‍ර වලින් පටන් ගෙන
චිත්‍රකතාවලට මගේ තිබුණ ආශාව සහ
චිත්‍රකතා වලින් වින්ද වින්දනය නිසා මා තුළ වූ විශ්වාසය
මා චිත්‍රකතා වලට යොමුවෙන්න හේතුවයි.
ඒ වින්දනය බෙදාගන්න ආශාවක්
ඉබේම ඇති වෙලා තිබුණා.
මතක හිටින ආසාවකින්
පාසලේ චිත්‍ර ඇඳ නොතිබුණත්
අඳින්න යොමුවෙලා ඉතාම කෙටි කලකින්
සති කිහිපයකින් වෙන්න පුලුවන්...
මේ මගේ ජීවන මාර්ගය බව
මම තේරුම් ගත්තා.
අවුරුදු 19දී
පැහැදිලිව මගේ අරමුණ ලිවූ දිනපොතක්
අදත් මා ළඟ තියනවා.
මම චිත්‍ර ඇඳීම රැකියාවක් විදියට
කවදාවත් දැකලා නැහැ..
පිටපතට අකමැති නම් සල්ලි දුන්නට
මට අඳින්න බැහැ.
වෛද්‍යවරයෙකුගෙ කෝණයෙන් බැලුවාම
මෙ හැඟීම් තේරුම් ගන්න බැරි වෙයි.
තමන්ට සුව කිරීමට බැරි නම්
රෝගියා හරවා යැවිය යුතුයි
කියා මම විශ්වාස කරනවා.
මෙහි හමු වුණ වෛද්‍යවරයෙකුට
වාදයකදි කියැවුණා...
"වෙන කෙනෙක් ළඟට යාවි කියල හිතලා
රෝගයක් නැති අයටත්
බොරු බෙහෙතක් දීල යවනවා" කියලා.
ඒ ආකල්පය වැරදියි.
මගේ මිතුරෙක් මට කිව්වා,
ඔහු දන්නා වෛද්‍යවරයෙක් ඒ වගේ වෙලාවට
"ඔය ලෙඩක් නොවෙයි" කියා
හරවා එවන බව.
මම හිතන්නේ ඒ තැනැත්තා බුද්ධිමත් නම්
වෙනත් වෛද්‍යවරයෙක් ළඟට යොමු වෙන්නෙ නෑ.
පහසුවෙන් රෝග සුව වෙන්න නම්
රෝගියාත් බුද්ධිමත් විය යුතුයි.
වෛද්‍ය විද්‍යා ශිෂ්‍යයෙක් විදියට ඉඳලා
චිත්‍ර ශීල්පයට යොමු වෙන්න
මූලිකම හේතු මේවායි..
ඒ වගේම මම කවදාවත්
මගේ අතීතය ගැන තැවෙන්නෙ නෑ.
මම හිතාමතා කළ වැරදිත්
නොදන්නා කමට, හැඟීම් වලට වහල් වී
සිදු වුණ වැරදිත් අනන්තයි..
ඒ කිසිවක් ගැන තැවෙන්නෙ නෑ.
මම හිතන්නෙ නෑ
විද්‍යාඥයෙක් වුණත් මේ සැනසිල්ල
මට තියේවි කියලා.
මිනිස්සු මත්පැනෙන් සොයන්නේ මේ මානසිකත්වය
මේ තෘප්තිය කියා මම හිතනවා.
මත්පැන් ගත්තොත් මේ සැනසිල්ල බිඳෙනවා.
සිහියෙන් විසීම මේ සැනසිල්ල සමග සම්බන්ධයි.
බොහෝ විස්තර මගහැරලායි ලිව්වෙ..
ඒ නිසා අපිළිවෙලක් ඇති.
මේ කියපු දේවල් වලින්...
අනවශ්‍ය ටික අයින් කරලා
අවශ්‍ය ටික ගන්න.