Friday, August 7, 2015

AudioRead - ඉංග්‍රීසි කියවීම හුරු කරගන්න..



වයස වසර දෙකේදි විතර
Jurassic Park බලපු කාලෙ ඉඳලා
පුතා ඩයිනොසෝර්ලාට ආසයි.
ඔහු Jurassic Park චිත්‍රපටිය නිතර නිතර බැලුවා.
ඩයිනොසෝර්ලගෙ ගමන් අනුකරණය කළා..
සෙල්ලම් බඩු එකතු කළා. රූප එකතු කළා.
මේ ඇල්ම මත ඔහු කියවන්න හුරු කර ගැනීමට
අපි බලාපොරොත්තු වුණා.



ඒ කාලෙම වගේ BMICH ප්‍රදර්ශනයෙන්
පුතා ලොකු පොතක් ගත්තා.

Download

ඔහු ඩයිනෝසෝර් පොත් කීපයක් ගත්තා.
ජෙහාන් අයියගෙ පොත්
පොඩි නැන්දාත් ගෙනත් දුන්නා.

ඔහු කියවාවි කියන බලාපොරොත්තුවෙන්
අපිත් ඩයිනෝසෝර් පොත් අරන් දුන්නා.

නොයෙක් දිරිගැන්වීම් වලින් පසු
පොත් කියවන්න පුලුවන් වුණත්
තැන් තැන්වලින් කියවනවා විතරයි.

පොතම කියවන්න කියා නියම කරලා
වෙනත් නොයෙක් සිංහල, ඉංග්‍රීසි පොත්
වරින් වර කියවන්න හුරුකළා.
කියවීම දියුණු වුවත්
තනිවම කියවන්න තරම්
දියුණු වුණේ නෑ.

පළමු වතාවට
අද ඔහු එක පොතක් මුල ඉඳලා
කියවමින් සිටියා.
Dinosaurs
Michael Benton Kingfisher books

ඒ වෙලාවෙ
දෝණි කැස්පර් චිත්‍රකතා පොතක රූප බලන නිසා
තේරුණේ නැතත් හැම දෙබසක්ම කියවන්න
කියා මම ඇයට කිව්වා.


චිත්‍රකතා පොත් කියෙව්ව නිසා
ඔහුට කියවීම පහසු වුණා කියල
ඒ වෙලාවෙ පුතා කිව්වා
.
ඒත්
ඔහු ඊළඟ මොහොතෙ කිව්වා
"නැහැ... Audio Book කියවපු නිසා" කියලා.

ඔහු මෙතෙක් කියෙව්වෙ එක Audio Book එකක් විතරයි.



මේ Audio Book හඬ පටය සමග
සර් ආතර් කොනන් ඩොයිල්ගේ
The Lost World
පිටු 264ක පොත ඔහු කියෙව්වා.

 

කියවීමට ඇති නොකැමැත්ත දුරුවෙන්න
ඒ පොත ඔහුට ආධාර වුණේ
අපේ හෝ ගුරුවරුන්ගේ මැදිහත්වීමක් නැතිවයි.


මේ ක්‍රමය විමසා බලන්න.

AudioRead - ඉංග්‍රීසි කියවීම හුරු කරගන්න පහසු ක්‍රමයක්