අපේ ළඟ තියනවා,
ගෙදර එකතුවෙන කේබල් වර්ග එකතු කරපු
පරණ ට්‍රැවලින් බෑග් එකක්.
එක zසිප් එකක් හිර වෙනවා.
තව එකක් එකතු වෙන්නෙ නෑ.
හිරවුණ zසිප් එකට තෙල් ගාන්න ඕන කියලා
පුතා කිව්වා.
ඔය ප්‍රශ්නෙ
මට කොයිතරම් වාර ගානක් ඇවිත් ඇත්ද?
ඔය විසඳුම මට ඇවිත් නෑ.
අනික් zසිප් එක හදන්න නම්
කෙළවරේ මැස්ම ගලවලා
නැවත දාන්න ඕන කිව්වා.
පුතා ඒක ගැලෙව්වා.
මමත් උදව් වෙලා හැදුවා.
මේ වගේ වෙලාවට
පුතාගෙ හිතේ ශක්තිය
එක තැනකට නාභිගත වෙන විදිය
හරිම අපූරුයි..
ඉගෙන නොගත්තත්
පුතාට ජීවන මාර්ගයක් නම්
නැති වෙන්නෙ නෑ කියල
මේ වගේ අවස්ථාවල් වලදි මට හිතෙනවා.
No comments:
Post a Comment