Sunday, March 27, 2016

ශාක්‍යා කවි සහ අනෙක් නිර්මාණ



ටින් ටින් ඇයි අඬන්නේ
බත් දුන්නම නොකන්නේ
හේතුව මට කියන්නේ
නෑ, වාගෙයි හිතෙන්නේ..
අම්මාගේ මුල් පද දෙක - ශාක්‍යාගේ ඌණපූරණය



ටින් ටින් ඇයි බත් නොකන්නෙ
ගහට ගිහින් කෑ ගහන්නෙ

හේතුව මට කියන්නේ
නෑ, වාගෙයි හිතෙන්නේ..
ශාක්‍යා 20160327

===========================

Friday, March 25, 2016

අපිව පුහුණු නොකිරීම අපේ දෙමාපියන්ගෙ දුර්වලකමක්.


Dileepa Wattegama
Trend එකක් තියෙනවද? නව පරපුර විවාහයෙන් පසු බිරිඳ ගේ පැත්තට වැඩියෙන් කිට්ටුවී ස්වාමිපුරුෂයා ගේ දෙමාපියන් නොසලකා හරින. එය තරුණ බිරින්දෑවරුන් නිවෙස් වල වැඩට ඇති අකමැත්ත මත තම මවගෙන් යැපීමට කරන සැලසුමක ප්‍රතිඵලයක්ද?

-----------------------------------------
මගේ බිරිඳත්
ගෙදර ගියාම නම්
තනිකරම අම්මා මත්තෙ යැපෙනවා.
තේ එකක්වත් හදන්නෙ නෑ
අපේ ගෙදර ආවම නම්
බිරිඳ තමයි වැඩ කරන්නෙ.
අම්මා උදවු කරනවා.

අපි ඉන්නෙ දුර බැහැර නිසා
නිරන්තරයෙන් යැපේවි කියා
හරියටම කියන්න බෑ..

අපි දෙන්නගෙම
කම්මැලි කම නම් උපරිමයි..
ඒත් වැඩක් කරන්න ගත්තාම
අපි කරගන්නවා.
අපිව පුහුණු නොකිරීම
අපේ දෙමාපියන්ගෙ දුර්වලකමක්...
සහ විශාල වරදක්...

මම හිතන්නෙ
තරුණ බිරින්දෑවරුන්ගෙ දුර්වලකම් සියල්ලටම
ඇගේ මව සපුරාම වගකිවයුතුයි.
ඇගේ පිරිමි ගතිය වැඩි නම්
පියා වගකිව යුතුයි.
ඊට හේතුව වෙන්නෙ
පියා දුවට යටත් වීමයි.

පුතුන්ගෙ දුර්වලකම්වලට
දෙන්නාම වගකිවයුතුයි.
පුතාගෙ ගැහැනු ගතිය වැඩි නම්
අම්මා වගකිවයුතුයි.
පිරිමිකම් අඩු නම් පියා වගකිවයුතුයි.

ඉස්සර වගේ
දරුවන්ට වැඩපල කරන්න දෙන
ක්‍රමය අද නැහැ.
දරුවන් ප්‍රදර්ශනයට තියන
මල් වගේ තියාගෙන
අම්මලා තාත්තලා වහල්ලු වගේ කඹුරන්නයි
අද දෙමව්පියන් පුරුදු වෙලා ඉන්නෙ.
අද දෙමව්පියන් නැහැ.
ඉන්නෙ දරුවන්ගෙ වහල්ලු.

දරුවා වැඩෙන විට
තමන්ගෙ වැඩවත් කරගන්න බැරි තැනට
ඔවුන් පත්වෙනවා.
දෙමව්පියන් දිහා බලන්නවත්
ඔවුන් ශක්තිමත් නැහැ.

පියෙක් වශයෙන්
මම නම් මගේ හැම වැඩක්ම කියන්නෙ
දරුවො දෙන්නාටයි.
ඔවුන්ට කළ හැකි නම්
කරමින් ඉන්න වැඩක් නැත්නම්
මම මගේ වැඩ කියන්නෙ ඔවුන්ටයි.
අම්මා ඔවුන්ට කරල දෙන දෙවල් පවා
හැකි හැමවිටම සීමා කරනවා.
සමහර වෙලාවට අකමැත්තෙන් වුණත්
බිරිඳ මට සහාය දීම
අපේ පවුලෙ වාසනාවක්.

ඔවුන් වැඩිහිටියන් වුණාම
මට නොසැලකුවත් කමක් නෑ.
කුඩා කාලෙ ඔවුන් මට සේවය කරලා
ඔවුන්ට අවශ්‍ය පුහුණුව ලබලා තියනවා.
පාර අයිනක කාත් කවුරුවත් නැතිව මළත්
මම දරුවන්ගෙන් කිසිවක්
බලාපොරොත්තු වෙන්නෙ නෑ.
ඔවුන් ස්වාධීනව ජීවත් වෙනවා නම්
මම තෘප්තිමත්.