ටින් ටින් සති කීපයක් තිස්සෙ අපේ ගෙදර සුරතලා.
මිතුරෙකුගෙ ගෙදර ගිය වෙලාවෙ
තරිඳු සාක්කුවෙන් එලියට අරන් පෙන්නුවා.
පොඩි දෙන්නා ආස වුණාම
ඔහු ඌ ඔවුන්ට දුන්නා.
ඌ අපේ පවුලෙ පස්වැන්නා බවට පත්වුණා.
ටින් ටින් ඉතා ඉක්මණින් වැඩිලා
පොඩි දෙන්නගෙ ඇසුරෙ නැත්නම්
ගෙදර තිර රෙදි වල ග්‍රිල් වල විසුවා.
පොඩි දෙන්නගෙ ඇඟ පුරා දිව්වා..
ඔවුන් එක්ක සෙල්ලම් කළා.
ඔවුන් දුවන කොට පස්සෙන් එළෙව්වා.
දිනක් හැන්දෑවක ඌ අතුරුදහන් වුණා.
අපි හිතුවා සතෙක් අල්ලන්න ඇති කියලා.
පොඩි දෙන්නා එක්ක බිරිඳත් හැඬුවා.
"ඌ ලොකු වෙලා හිටියා නම් මට දුක නෑ"
කියලා දෝණි කිව්වා.
ඔවුන් දුක් වුණේ ඌ මැරෙන්න ඇති කියලා.
ඔවුන් අඬද්දි මගේ දුක මම වින්දෙ
පපුවෙ දැනුණ සංවේදනාවක් විදියට.
අපි තුන් දෙනාම ඇඬුවා කියලා
දෝණි මාත් එක්ක කිව්වාම
"මගේ දුක තියෙන්නෙ මෙතන" කියලා....
මම පපුවෙ මැද පෙන්නලා කිව්වා.
දෝණි පාසලේ රැස්වීමෙ කතාවක් කළා ඌ ගැන.
"මම ඇඬුවා අයියා ඇඬුවා අම්මත් ඇඬුවා"
කියලා ඒ කතාවෙ තිබුණා.
" මම ඇඬුවෙ නෑනෙ" කියලා
ඈ පුහුණු වෙද්දි මම කිව්වා..
''මම ඇඬුවා අයියා ඇඬුවා අම්මත් ඇඬුවා,
තාත්තා ඇඬුවෙ හදවතින්...'' ඈ එක්කළා.
පහුවෙනිදා උදේ ඌ ආපහු ඇවිත් හිටියා.
ගේ ඇතුළෙම ඉන්න ඇති.
ආයෙ දවසක උදේ කාලෙ ඌ නැතිවුණා.
කලින් වගේම අපි හිතුවා
සතෙක් අල්ලන්න ඇති කියලා..
ටින් ටින් හවස ආපහු ආවෙ
මුළු දවසම එළියෙ ගත කරලයි.
දවසම එළියෙ ගත කරන්න
ඌ කාලයක් තිස්සෙ පුහුණු වුණා.
ඌ අනික් ලේනුන් සමග ගැවසෙනවා අපි දැක්කා.
අපි ඌට කතා කළත්
එළියෙදි ඌ හැසුරුණේ
අපිව නාන්දුනන ගාණට...
ඒත් සුපුරුදු විදියට
ඌ හැන්දෑවට ආපහු ඇවිත්
පොඩි දෙන්නා එක්ක සෙල්ලම් අළා.
පෙරේදා හවස් ඌ ආවම
දෝණි ඌ ගෙනිහින්
කෑම ලෑල්ල තියන ගහේ තියලා.
ඌ ගහට නැග්ගා.. රෑ ආවෙ නෑ.
ඒත් ඊයෙ උදේ ආවා.
අද ඌ එන කොට පොඩි දෙන්නා
කෑම ලෑල්ල ළඟට ගිහින්
ඌට කිරි දීලා.. අදත් ආවෙ නෑ.
ආයෙ නො එන්නත් පුලුවන්.
ලෝකයට හුරු නිසා
දැන් ඌ නො ආවත් කමක් නෑ..
අපිට පාලුවක් දැනුණාට
අපි ඔක්කොම උගේ කැමැත්තට එකඟයි.
දරුවෙක් මේ විදියට ලෝකයට හුරු වෙලා
ස්වාධීන වෙනවා දකින්න ලැබෙනවා නම්
දෙමව්පියන්ට මොන තරම් ලොකු සතුටක් වෙයිද?
===================================
අද 2016 අගෝස්තු 31
ටින් ටින්
පසු ගිය වසරක් පුරාම
දවසට දෙතුන් වතාවක් ඇවිත්
දෙන දෙයක් අතටම ඇවිත් කාල යනවා.
ඉඳහිට දිනක නොආවොත්
නැවත එන එකක් නෑ කියා
අද 2016 අගෝස්තු 31
ටින් ටින්
පසු ගිය වසරක් පුරාම
දවසට දෙතුන් වතාවක් ඇවිත්
දෙන දෙයක් අතටම ඇවිත් කාල යනවා.
ඉඳහිට දිනක නොආවොත්
නැවත එන එකක් නෑ කියා
අපි හිත හදා ගන්නවා.
මේ සටහන ලිව්වට පස්සෙ
ReplyDeleteටින් ටින් දෙතුන් වතාවක් ආවා.
ඇවිත් අපේ ඇඟවල් වලට පැනලා
පොඩි දෙන්නා එක්ක සෙල්ලම් කරලා
ආපහු යනවා.
කෑම ලෑල්ල ළඟට කෑම අරන් ගියාම
මගේ අතින් කෑම කෑවා.
ටින් ටින් තවමත්
ReplyDeleteදවසකට සැරයක් හෝ දෙකක්
ඇවිත් මොනවා හරි කාලා යනවා.
අද 2016 අගෝස්තු 31
ReplyDeleteටින් ටින්
පසු ගිය වසරක් පුරාම
දවසට දෙතුන් වතාවක් ඇවිත්
දෙන දෙයක් අතටම ඇවිත් කාල යනවා.
ඉඳහිට දිනක නොආවොත්
නැවත එන එකක් නෑ කියා
අපි හිත හදා ගන්නවා.