Sunday, March 5, 2017

වික්ටර් රත්නායකයන්ට දුන් වීදුරුවෙ ඇන්ද චිත්‍ර දෙකක්


Athula Siriwardhane shared a post to Hemnath De Silva's Timeline.
17 hrs · 
මේ කාලයට සම්බන්ධ මතක සටහන්
ඔබටත් ඇති. Hemnath.
'''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
ජනේලෙන් චිත්‍රය පෙන්වූ බව
මට පැහැදිලිව මතක නෑ.
බන්දුල එතරම් සමීපව උන් කෙනෙක් බවත්
අද වෙන තුරු මම දන්නෙත් නැහැ.
වීදුරුවෙ ඇන්ද චිත්‍ර දෙකක්
මම වික්ටර් රත්නායකයන්ට දුන්නා.
පාගොඩ දේවාල පාරේ නිවසේ
ඔහුගෙ සංගීත කාමරයේ සමරු අතර
ඒ චිත්‍ර දෙක තිබුණා.
මම පාසල් වියේදි
චිත්‍ර කතා ඇඳගෙන කොළඹ එන්න
මුදල් හොයාගත්තෙ 
ලැකර් වලින් වීදුරුවෙ අඳින චිත්‍ර වලින්.
A4 ප්‍රමාණයෙ චිත්‍රයක් 
රුපියල් 30කට විකුණනවා.
ඒ සල්ලි වලින් කොළඹ ඇවිත්
හින්දි චිත්‍රපටි දෙකක් බලා
හවස ගෙදර ය්නවා.
බන්දුල ඉගෙන ගත්ත
රිච්මන්ඩ් විදුහලේ සියවස ප්‍රදර්ශනයට
මෙවැනි චිත්‍ර කිහිපයක් මම තිව්වා.
ඒ අතර මේ චිත්‍ර දෙකම හෝ
එකක් තියෙන්න ඇති.
මම ඒ සඳහා මූලාශ්‍ර කරගත්තෙ
පාරෙන් ගලවා ගත් පෝස්ටර් එකක්.
වික්ටර්ගෙ "ස" බලන්න වේදිකාවට
නොයෙක් ක්‍රමවලින් ඇතුල්වෙන්න පුරුදුවී හිටියා.
බන්දුලට තරම් හොඳින්
සිදුවීම මතක නැතත් චිත්‍රය ඉන් එකක්.
සාමාන්‍යයෙන් මම කරන්නෙ බස් එක ආවම
ප්‍රේම් කේඩීකේ ලක්ෂ්මන් වගේ 
කවුරු හරි කෙනෙක් එක්ක කතාවට වැටිලා
හෙමිහිට ඇතුලට යන එකයි.
සංවිධානය භාරව සිටි
වික්ටර්ගේ මිය ගිය බිරිඳ
ඇතුළු හැම කෙනෙක්ම හුරු වූ නිසා
ඇතුල්වෙන්න බැරිවුණ රසිකයන්
ජනෙල් දොරවල් කඩාගෙන ඇතුළට වදින අතරෙ
පිටුපස දොරෙන් ඇතුල් වෙලා
තිර රෙදි අතරට වී
සැනසිල්ලෙන් ප්‍රසංගය රස වින්දා.
වික්ටර් වගේ කෙනෙකුට ඒ තරම් සමීපවීමත් 
අපිට මහඟු අත්දැකීමක්.
ඔහු කොතරම් ජනප්‍රිය වුණත්
හරිම නිහතමානීව රසිකයන් බෙදා වෙන් නොකර 
ඉතාම සුහදව හැසිරෙමින්
වචනයෙන් සත්කාර කළ ආදරණීය මිනිසෙක්.
-1:27
94 Views
Indika Kulathilaka
Bandula Nanayakkarawasam ස්වර්ණවාහිනී හත්දින්නත් තරු මාර්තු 2 දා විකාශය වූ වෑඩසටහනේදී. (recorded from phone, video/sound quality may be poor)
Athula Siriwardhane බන්දුල මේ කියන ගාල්ල මහින්දෙ අතුල සිරිවර්ධන ඔබද ? (ඔබත් මහින්දෙ නිසා සහ ඔබගේ ශිල්පීය දක්ෂතාවයන් නිසා මගේ අනුමානය නිවැරදියි කියා හිතනවා) එහෙමනම් මේ අපූරු සිදුවීම ගැන ටිකක් මතක් කරන්න පුළුවන්ද ?
LikeShow more reactions
Comment
Comments
Hemnath De Silva
Hemnath De Silva Mathakayan godak thibunath, satahan wune tikai Athula. Oya kiyana Sa Prasangayedida mata mathaka naha hariyata eth mage sambanda kamak thibuna ehi sanvidhayakavarun samaga. Mama mage adaraneeya thaththawai ammawai yawanna gaththa uthsahaye prathipalayak washayen mage thaththawa yawa ganna puluwan una. Mage jeevithayedi mama labapu hondama jayagrahanaya eyai. Mama thaththata ticket ekak dunna rathriye show ekata yanna. Mama mage pemwathiya samaga matinee show ekata giya. E nisa mage mathakayan seema wela. Eth mama dannawa mage thaththa eke rasa winda kiyala mata kisima dawasaka nokiwwata. E rahasa thaththath ekkama miyadila giya. Athulai mamai, Dewala Rd eke Victor Ratnayake yange gedara giye Athula visin diviyata nangu Ohuge Chithrayak athe athiwai. Ohuge mulu pawlama eda api dedenata dakinnath ashraya karannath labuna. Athulai mamai Dr Sunil Ariyaratnage gedarath giya eth eya hitiye naha. Eeta passe api Niranjala Sarojini ge gedarath gihin TEA beelath awa. Mage jeevithe Athula aluth pituwak hadanna udaw kare mehemai. Mage Hradayangama sthuthiya Athulata puda karanawa ekata. E gamana kochchara wadagath da kiya mata watahune adai. Shirt 2 i kalisam 2i sapaththu dekai aragena Americawata 40s wasarakata kalin apu mama me pinthuru tikath aragena enna amathaka karala naha. E kiyanne, e waye thiyena vadagath kama nisa wenna one.

Me pic eke inne Tharuna Victor Ratnayake surinui, Surubuhuti ath, Angili walin dakshakam papu tharuna Athula Siriwardhane yanyai. Me Dewala Rd eke Victor Aiyage gedaradi gaththa pic ekak 1976 hari 1977 hari
Image may contain: 2 people, people standing and indoor
Unlike · Reply · 2 · 22 mins · Edited
Athula Siriwardhane
Athula Siriwardhane Thank you so much Hemnath... :)
Like · Reply · 1 · 13 mins
Hemnath De Silva
Hemnath De Silva Me pic eka e welawe Victor aiya Sitar eka athata aragena pose karapu shot eka. dewala Rd eke gedaradi.
Image may contain: 1 person, stripes, closeup and indoor
Unlike · Reply · 2 · 20 mins
Hemnath De Silva
Hemnath De Silva Me inne Chithra akkai lamai 3 denai 1976-1977 kale
Image may contain: 3 people, people standing, night, child and indoor
Unlike · Reply · 2 · 19 mins
Hemnath De Silva
Hemnath De Silva Methana inne Victor Ratnayake suringe loku puthai duwai wenna one.
Image may contain: 2 people, people standing, child, night and indoor
Unlike · Reply · 2 · 18 mins
Hemnath De Silva
Hemnath De Silva Methana nam mata hariyata mathaka nahakothanadi gaththa ekakda kiyala. Athula, obata mathaka athai sithami.
Image may contain: 2 people, indoor
Unlike · Reply · 2 · 16 mins
Hemnath De Silva
Hemnath De Silva Me inne Victor aiyage loku putha mama hithanne. Eya Veenawak vayanawa e dawas wala
Image may contain: 1 person, standing, shoes and indoor
Unlike · Reply · 2 · 15 mins
Hemnath De Silva
Hemnath De Silva Me api Niranjala Sarojini ge gedara giya welawe eya orasan kiyanawa.
Image may contain: 1 person, standing and indoor
Unlike · Reply · 2 · 14 mins
Hemnath De Silva
Hemnath De Silva Me Niranjala Sarojini mokakdo athsan karana gaman eyage gedara
Image may contain: one or more people, people sitting, child, table and indoor
Unlike · Reply · 2 · 12 mins
Hemnath De Silva
Hemnath De Silva Me Niranjala Sarojini apita Tea sangraha karana akarayai. Aya Athulata Tea piligannwanawa.
Image may contain: one or more people and indoor
Unlike · Reply · 2 · 11 mins
Hemnath De Silva
Hemnath De Silva Niranjala Sarojini methana me akarayen katha kara kara hitiya. 1976-1977 di
Image may contain: 1 person, standing and indoor
Unlike · Reply · 2 · 10 mins
Athula Siriwardhane
Athula Siriwardhane .
මේ තරම් නිධාන රැසක් පහළ වෙයි කියා 
ඇත්තටම හිතුවෙ නෑ.
Like · Reply · 1 · 6 mins

Thursday, March 2, 2017

ජීව විද්‍යාව හැදැරුවෙ වෛද්‍යවරයෙකු වෙන්න ආසාවෙන් ද​?


Yasanuwan Basuru අංකල් ජීව විද්‍යාව හදාරුවෙ වෛද්‍යවරයෙකු වෙන්න ආසාවෙන් ද​?
චිත්‍ර වලට ආසාවෙන් ජීව විද්‍යාව කරපු කෙනෙක් ඇහුවමයි. ඇයි උසස් පෙලට කලා විශයන් නොකලේ?
ජීව විද්‍යා අංශයෙන් හැදැරුවාට
වෛද්‍යවරයෙක් වෙන්න මට කවදාවත්ම
ආශාවක් තිබුණෙ නෑ.
කොළේක බෙහෙත් ලියා දීල
රෝගියා වෙන අයට භාරදීල
තෘප්තිමත් වෙන්න මට බැහැ.
බෙහෙත් හදන එක, හෙදකම ආදී
සියල්ලම මගේ අනුදැනුමෙන්
කරන්න පුලුවන් නම් විතරක්
වෛද්‍යවරයෙක් වෙන්න මම කැමතියි.

කෙනෙක් මාව විශ්වාස කළොත්
ඔහු සුව වෙන තුරු වගකීම
මා සතුව, මගේ පාලනය යටතේ නැත්නම්
මම වෛද්‍යවරයෙක් වෙන්න කැමති නෑ.
මේ හේතු මට එදා හිතුණ බවක්
මට මතක නෑහැ.
ඇත්තටම මම පටන් ගනිද්දි අරමුණු කළේ
පිළිකාව වැනි බෙහෙත් නැති රෝගවලට
බෙහෙත් සොයන විද්‍යාඥයෙක් වෙන්නයි.
විපස්සනා ලැබුණට පස්සෙ
ඒ අවශ්‍යතාවය ගිළිහුණා කියල
මම හිතනවා.

මිනිස් ඉතිහාසයෙහි කිසිවෙක්
මෙතෙක් ප්‍රතිකාර සොයාගෙන නොතිබුණ,
අහිංසක මිනිසුන් දරුණු අපරාධ කාරයන් බවට
මොහොතකින් පත් කරන්නට හැකියාව ඇති
ඉතාම අසාධ්‍ය භයානක රෝගවලට,
ම්නිසා සොයාගත් හොඳම ඔසුව
සහ ප්‍රතිකාරය විපස්සනායි.

විද්‍යා අංශයෙන් ඉගෙන ගත් චිත්‍ර ශිල්පීන් ලේඛකයන්
ලෝකෙ ඕනතරම් ඇති.
මේ දෙක කරන්නෙ මොළේ දෙපැත්තෙන් බව ඇත්ත වුණත්
මේ දෙකෙන්ම සාර්ථක මිනිහෙක් වෙන්න
මේ දෙපැත්තම අවශ්‍යයි.
අයින්ස්ටයින්ගෙ මොළේ දකුණු පැත්ත
ඉතාම ප්‍රබල නිසයි ඔහු විශේෂ කෙනෙක් වෙන්නෙ.
ඩා වින්චිගෙ මොළේ වම්පැත්ත දියුණු නිසයි
ඔහු විශේෂ චිත්‍ර ශිල්පියක් වෙන්නෙ.

කුඩාම කාලෙ අම්මා කතා කියද්දි
මම රසවින්දෙ චිත්ත රූප කියල මට හිතෙනවා.
පොත් වල අතරින් පතර තියන චිත්‍ර වලින් පටන් ගෙන
චිත්‍රකතාවලට මගේ තිබුණ ආශාව සහ
චිත්‍රකතා වලින් වින්ද වින්දනය නිසා මා තුළ වූ විශ්වාසය
මා චිත්‍රකතා වලට යොමුවෙන්න හේතුවයි.
ඒ වින්දනය බෙදාගන්න ආශාවක්
ඉබේම ඇති වෙලා තිබුණා.

මතක හිටින ආසාවකින්
පාසලේ චිත්‍ර ඇඳ නොතිබුණත්
අඳින්න යොමුවෙලා ඉතාම කෙටි කලකින්
සති කිහිපයකින් වෙන්න පුලුවන්...
මේ මගේ ජීවන මාර්ගය බව
මම තේරුම් ගත්තා.
අවුරුදු 19දී
පැහැදිලිව මගේ අරමුණ ලිවූ දිනපොතක්
අදත් මා ළඟ තියනවා.

මම චිත්‍ර ඇඳීම රැකියාවක් විදියට
කවදාවත් දැකලා නැහැ..
පිටපතට අකමැති නම් සල්ලි දුන්නට
මට අඳින්න බැහැ.
වෛද්‍යවරයෙකුගෙ කෝණයෙන් බැලුවාම
මෙ හැඟීම් තේරුම් ගන්න බැරි වෙයි.
තමන්ට සුව කිරීමට බැරි නම්
රෝගියා හරවා යැවිය යුතුයි
කියා මම විශ්වාස කරනවා.
මෙහි හමු වුණ වෛද්‍යවරයෙකුට
වාදයකදි කියැවුණා...
"වෙන කෙනෙක් ළඟට යාවි කියල හිතලා
රෝගයක් නැති අයටත්
බොරු බෙහෙතක් දීල යවනවා" කියලා.
ඒ ආකල්පය වැරදියි.
මගේ මිතුරෙක් මට කිව්වා,
ඔහු දන්නා වෛද්‍යවරයෙක් ඒ වගේ වෙලාවට
"ඔය ලෙඩක් නොවෙයි" කියා
හරවා එවන බව.
මම හිතන්නේ ඒ තැනැත්තා බුද්ධිමත් නම්
වෙනත් වෛද්‍යවරයෙක් ළඟට යොමු වෙන්නෙ නෑ.
පහසුවෙන් රෝග සුව වෙන්න නම්
රෝගියාත් බුද්ධිමත් විය යුතුයි.

වෛද්‍ය විද්‍යා ශිෂ්‍යයෙක් විදියට ඉඳලා
චිත්‍ර ශීල්පයට යොමු වෙන්න
මූලිකම හේතු මේවායි..

ඒ වගේම මම කවදාවත්
මගේ අතීතය ගැන තැවෙන්නෙ නෑ.
මම හිතාමතා කළ වැරදිත්
නොදන්නා කමට, හැඟීම් වලට වහල් වී
සිදු වුණ වැරදිත් අනන්තයි..
ඒ කිසිවක් ගැන තැවෙන්නෙ නෑ.

මම හිතන්නෙ නෑ
විද්‍යාඥයෙක් වුණත් මේ සැනසිල්ල
මට තියේවි කියලා.
මිනිස්සු මත්පැනෙන් සොයන්නේ මේ මානසිකත්වය
මේ තෘප්තිය කියා මම හිතනවා.
මත්පැන් ගත්තොත් මේ සැනසිල්ල බිඳෙනවා.
සිහියෙන් විසීම මේ සැනසිල්ල සමග සම්බන්ධයි.

බොහෝ විස්තර මගහැරලායි ලිව්වෙ..
ඒ නිසා අපිළිවෙලක් ඇති.
මේ කියපු දේවල් වලින්...
අනවශ්‍ය ටික අයින් කරලා
අවශ්‍ය ටික ගන්න.

මගේ උසස්පෙළ ප්‍රතිඵල



මගේ ජීවිතේට
මගේ අධ්‍යාපන සහතික වලින්
කිසිම ප්‍රයෝජනයක් ලැබිලා නෑ.
මම බොහෝ පුද්ගලයන්ට සහ ආයතනවලට
චිත්‍ර ශිල්පියෙක් විදියට සේවය කළා.
මුල්ම කාලෙ
එකම එක ආයතනයකදි විතරක්
කට වචනයට පාසලත් ප්‍රතිඵලත් ඇහුවා.
ඒ ඇරෙන්න කවදාවත් කවුරුවත්
මේ අධ්‍යාපන සුදුසුකම් අහන්නෙ නෑ.
ජීව දත්තවත්
දුන්න බවක් මතක නෑ.
සමාජයෙ ජීවත් වෙද්දිත්
පොතපත කියවද්දි හැරෙන්න
මගේ සුදුසු කම් අදාළ වෙලා නෑ.

මම උසස්පෙළ කරන්න ගත්තෙ
ජීව විද්‍යා අංශයෙන්...
මාස තුනක් විතර උවමනාවෙන් වැඩ කළා..
චිත්‍ර අඳින්න පුලුවන් නිසා
Zoo-Botany දෙක ආශාවෙන් කළා.
ඒත් චිත්‍රකතා පැත්තට නැඹුරු වුණාට පස්සෙ
විදුහලට ගියාට පන්තිවලට ගියේ
යලට මහට..
ගුරුවරුත් බල කළේ නෑ.

මම A/L කළේ මාස තුනයි...
ඉතිරි කාලය මම කළේ චිත්‍ර ඇඳපු එකයි..
මගේ දැනුම ආයතනික නෑ.
මම ඉගෙනගත්තෙ තනියම සහ
ශිල්පීන් ඇසුරෙන්..
මම ඒ කාලය තුළ චිත්‍ර ඇඳ ලබාගත් දේ
අදත් මා ළඟ තියනවා.
උසස්පෙළ කල මාස තුනේ ගත් දේ මොකුත් නෑ.

උසස්පෙළ දැනුම එහෙම තමයි.
ශාස්ත්‍රය ගිලිහෙනවා..
ශිල්පය රැඳෙනවා.

මම පළමුවෙන්ම චිත්‍ර කතාව ඇන්දෙ
පාසල් යන ගමන්මයි.
එදා ඉඳලම මුදල් අතින්
කරදරයක් නෑ.
අවශ්‍ය වෙලාවට අවශ්‍ය ප්‍රමාණයට
මුදල් තිබුණා.
මේ සල්ලි වලින් මම මොනවද කරන්නෙ
කියල තැවෙන ප්‍රමාණයට
කවදාවත් ලැබිලා නෑ.

මම විශ්වාස කරනවා
මගේ කැප වීම තියන කෙනෙක්
වෛද්‍යවරයෙක් වෙන්න ගියොත්
ඔහුට උසස්පෙළ අදාළ වෙන්නෙ නෑ.
ගුරුවරු අදාළ වෙන්නෙ නෑ.
ඔහු ඉගෙන ගන්නෙ විභාග සඳහා නොවෙයි.
ඔහු ඉගෙන ගන්නෙ ජීවිතය සඳහායි.
ඔහු වෛද්‍යවරයෙක් වෙන්නෙ රෝගීන් සුව කරන්නයි..
මුදල් උපයන්න නොවෙයි.
රෝගියා සුව නොවුණොත් මුදල ඔහුට ණයක්.
විභාගය ආයතනික අවශ්‍යතාවයක් විනා
ඔහුගෙ ජීවිතයෙ අවශ්‍යතාවයක් නොවෙයි.
ඔහුට ප්‍රමිති නිර්ණායක
බරක් නොවෙයි.
එවැනි අයට
මුදල් ගෙවා ඉගෙන ගන්න අවස්ථාව
තිබිය යුතුයි කියා මම හිතන්නෙ
ආයතනික ප්‍රමිතිය නැතිව ලියාපදිංචි වෙන්න
ඔහුට නොහැකි නිසයි.

මේ වගේ හිතන අය විශාල පිරිසක්
අවස්ථාව නැතිව එළියෙ ඉන්න අතරෙ
යස ඉසුරු, නම්බුව, වරප්‍රසාද හොයාගෙන
වෛද්‍ය විද්‍යාලයට ඇතුල් වෙලා
අමාරුවෙන් සමත් වෙලා
ඒ යස ඉසුරු වෙනුවෙන් ජීවත් වෙලා
විශ්‍රාම යනතුරුම දුක් විඳීවි.
රෝගියා නැගිටලා ගියාට පස්සේ
ඔහුට වටින්නෙ ෆාමසියෙන් එන
කොමිෂන් එක විතරයි.
ඔහු සුව වුණාද නැද්ද කියන එක
ඔහුට ගැටළුවක් නොවෙයි.

ඔහු වෛද්‍යවරයෙක් විදියට
සලකන්නෙ බැහැ.
ඔහුට ප්‍රමිති නිර්ණායක අත්‍යාවශ්‍යයි.
''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
මේ උසස්පෙළ ප්‍රතිඵල නිසා අමාරුවෙ වැටුණ
වෛද්‍ය වෘත්තියට නොගැලපුණ කෙනෙක්.

Thursday, February 23, 2017

ජීවමාන බුදුන් වහන්සේ


පන්සලට දවල් දානෙ දුන්නා.
බිරිඳගෙ උපන් දිනේට..
හිතට දැනෙන පහන් හැඟීම
වචනයෙන් විස්තර කරන්න බෑ.
ඒ වියපත් භික්ෂූන් වහන්සේගේ
යහපත් දිවිපෙවෙතත්
අල්පේච්ඡ, නිහතමානී,
දයාබර සුහද පැවැත්මත්
ඒ හැඟීම තීව්‍ර කරනවා.

දානෙ දෙන්න තීරණය කළ දවසේත්
ඊයෙ ආහාර ද්‍රව්‍ය මිළට ගන්න වෙලාවෙත්
දානේ සකසන්න උදව් වෙන වෙලාවෙත්
දානේ පිළිගන්වන වෙලාවෙත්
හිතේ තිබුණේ
මේ දානය දෙන්නෙ බුදුන් වහන්සේ නමින්
එදා මෙදාතුර භික්ෂූන් වහන්සේලාටයි
කියන හැඟීමයි.

බුදුන් වහන්සේ ගැන හිතද්දි
සිහිවෙන්නෙ බුදු පිළිම නොවෙයි.
ජීවමාන බුදුන් වහන්සේයි.

බුදුන් වහන්සේ මුණ ගැහෙන්න කෙනෙක් ඇවිත්
ආරාමයේ භික්ෂූන් වහන්සේලගෙන් විමසුවාම
"අන්න අර කුටියේ
බුදුන් වහන්සේ වැඩ ඉන්නවා.
දොර ළඟට ගිහින් උගුර පාදලා
නිය පිටින් දෙවරක් අගුලට තට්ටු කරන්න.
බුදුන් වහන්සේ දොර අරීවි."
කොතරම් සරල දිවි පෙවෙතක්ද?

බුදුන් වහන්සේ සැතපී ඉන්න පුලුවන්.
නිදාගෙන නොවෙයි.
රහත්වුණ කෙනෙක් නිදාගන්නෙ නෑ.

රහත් බව කියන්නෙ උපරිම සිහිය,
සියල්ලටම සංවේදී බව.
හුස්මක්වත් මග හැරෙන්නෙ නෑ.

බුදුන් වහන්සෙ වැඩ ඉන්නෙ
සම්පජානෝ සතියෙන්..

1,
දැනුවත්වම වේදනාවෝ උපදිත්.
දැනුවත්වම වේදනාවෝ පවතිත්..
දැනුවත්වම වේදනාවෝ අස්තයට යෙත්.
2,
දැනුවත්වම සංඥාවෝ උපදිත් ...
දැනුවත්වම සංඥාවෝ පවතිත්..
දැනුවත්වම සංඥාවෝ අස්තයට යෙත්.
3,
දැනුවත්වම විතර්කයෝ උපදිත්.
දැනුවත්වම විතර්කයෝ පවතිත්..
දැනුවත්වම විතර්කයෝ අස්තයට යෙත්.

දොර ළඟ සිට උගුර පෑදීම,
නිය පිටින් අගුලට තට්ටු කිරීම
බුදුන්වහන්සේට ප්‍රමාණවත්.

බුදුන් වහන්සේම ඇවිත්
දොර හරිනවා.
මේ අවස්ථාව කොතරම්
සිත් ගන්නා සුළුද?

බුදුන් වහන්සේ මට දැනෙන
සමීපම ආකාරයයි මේ..

බුද්ධ පූජාව රැගෙන ගිය වෙලාවෙ
පිළිමයෙන් බුදුන් වහන්සේ
දැකිය නොහැකි බව සංකේතවත් කරන
දුහුල් තිරපටෙන් ආවරණය වුණ
බුදු පිළිමය අබියස අසුන මත
බුද්ධ පූජාව තබා වඳින මොහොතෙ
දෑස කඳුලෙන් තෙත් කරමින්
මගේ හිත නිවූ ප්‍රබලම හැඟීම
"මා දුකෙන් මුදවන්නට මග පෙන්වීමෙන්"
මගේ මේ ජීවිතයත් රැකගැනීම ගැන
බුදුන් වහන්සේ වෙනුවෙන් උපන්
අප්‍රමාණ කෘතඥතාවයයි.






Thursday, February 9, 2017

දළදා වන්දනාව, බෝධි වන්දනාව සහ මක්කම වන්දනාව


Ramzy Razeek
[[[ මුස්ලිම්වරු දෙවියන් සිහි කරන්න සංකේත භාවිතා කරනවා, 
මට කියන්න 
මුස්ලිම්වරු මෙහෙම කියනවා ඔයා අහලා තියෙනවද?
කහ්බාව නම් කලු පෙට්ටියේ ආරක්‍ෂාවයි.
කහ්බා බිත්තියේ ඔබලා තිබෙන කලු ගලේ පිහිට යි.
මුස්ලිම්වරු මෙහෙම කියනවද ?
නමුත් බෞද්ධයන් කියනවනේ දළදා වහන්සේගේ (දතේ) ආරක්‍ෂා වයි.
ශ්‍රී මහා බෝධියේ (ගසේ) පිහිටයි.
දැන් ඔබලා මේ දෙකේ වෙනසක් දකින්නේ නැත්ද ?]]


වෙනසක් තියනවා රම්සි.
සමානකම්ද තියනවා.

1, තමා සරණයි, අන් සරණක් නැත.

2, දෙවියන් වහන්සේ සරණයි, අන් සරණක් නැත.

පළමුවෙන් සමානකම් බලමු.
ඔබ දෙවියන් වහන්සේගෙන් උපකාර බලාපොරොත්තු වෙනවා.
දෙවියන් වහන්සේ නැත්නම් ඔබ අසරණයි. තනි වෙනවා.
ඒ මානසිකත්වයෙන්ම බුදුන් වහන්සේගෙ සරණ සොයන
බුදුන් වහන්සේ සරණ වෙනවා කියා හිතන අය
බෞද්ධයන් අතර ඉන්නවා.
වයස අසූවෙදි මිය යන තුරුම මගේ අම්මාත් එහෙමයි.
ඒත් ඇය විපස්සනාත් වැඩුවා.
ඇය වේදනා ගැන සිහියෙන් වේදනාවට උපේක්ෂාවෙන් සිටියා.
ඒ නිසාම පිළිකාව නිසා මාස හතරක් තිස්සෙ පැමිණි දුක
ඇය බාහිර සරණක් නැතිව දුක් නොවිඳ පසු කළා.
මැරෙන බව දැනගෙන හිටියා. බේරෙන්න උත්සාහ කළේ නෑ.
අවසාන මොහොතෙ අම්මගෙ සොහොයුරියටත් එන්න කියලා
දැනුවත්ව මිය ගියා.

ඇය ශ්‍රද්ධාවෙන් ජීවත්වුණා.
ශ්‍රද්ධාව නිසා සිහිය පිහිටුවා ගන්න වීර්ය කළා.
සිහිය සමාධිය නිසා ලැබුව ප්‍රඥව නිසා
මරණ බියෙන් තොරව ප්‍රඥාවෙන් මරණයට පත්වුණා.

ඇය මුලු ජීවිතය පුරාම බුදුන් වහන්සේගෙ පිහිට
ලැබෙනවා කියන විශ්වාසයෙන් ජීවත් වුණා.
දහම පිළිපැදීමෙන් ඇයට ඒ පිහිට ලැබුණා.
ඇය තුළ දෘෂ්ඨියක් තිබුණා.
ඇයට පිහිටක් ලැබුණ නිසා
ඒ දෘෂ්ඨිය සම්‍යක් දෘෂ්ඨියයි.

ඔබ දෙවියන් වහන්සේගෙන් පිහිටක් යදිනවා.
අල්ලහ් දෙවියන් වහන්සේට යටත් වීම
ඔබේ යුතුකම ලෙස ඔබ සලකනවා.
ශ්‍රද්ධාව මට්ටමේ ඉන්න බෞද්ධයෙකුත්
ඔබ සිතන විදියටම සිතනවා.
එහෙත් ඔහුට යන්න මාර්ගයක් තියනවා.

සැබෑ බෞද්ධයා සිහිය පිහිටුවාගත යුතුයි.
සිහිය නිසා ලැබෙන සම්මා සමාධියෙන් වෙසෙමින්
ප්‍රඥාව ලැබිය යුතුයි.

බුදුන් වහන්සේගෙ දහමට අනුව
තමන්ගෙ විමුක්තිය, නිදහස සඳහා
කිසිම බාහිර බලවේගයකට යටත් වීම
කිසිදු බාහිර බලවේගයක පිහිට පැතීම
කිසිදු බාහිර පුද්ගලයෙකුට යටත් වීම
කිසිදු බාහිර පුද්ගලයෙකුගෙ පිහිට පැතීම
සම්පූර්ණයෙන්ම වැරදියි.
කෙනෙක් තමන්ටම හෝ වහල් වීම වැරදියි.
බුදු දහම ආත්ම දමනය පදනම් වුණ දහමක්.

බුදු දහම නිසි පරිදි පිළිපැදීමට
ප්‍රඥාව, සමාහිත බව ආදී සුදුසුකම් අවශ්‍යයි.
ඒ සුදුසුකම් නැති අයට සිඟිති පාසල් මට්ටමෙන්
බුදු දහම ආගමක් විදියට අදහන්නත් පුලුවන්.
බුදුන් වහන්සේ ගැන ශ්‍රද්ධාවක් තියන
දහම ගැන ශ්‍රද්ධාවක් තියන
බුදු දහමෙන් නිවන් දුටු ආර්ය ශ්‍රාවක පිරිස ගැන
ශ්‍රද්ධාවක් තියන කෙනෙක්
ගහකට ගලකට හෝ වැඳලා
තෙරුවන් සිහිකරනවා නම් ඔහු නිවැරදියි.
ඒ වන්දනාවෙන් කිසියම් බාහිර බලවේගයක
පිහිටක් යදිනවා නම්, ලැබෙයි කියා හිතනවා නම්,
ඔහුත් ඉන්නෙ අනිත් සියලුම දේව භක්තිකයන් අතරයි.
ඔබු බුදුන් වහන්සේගෙ ශ්‍රාවකයෙක් නොවෙයි.
.
බුදුන් වහන්සේගෙ ශ්‍රාවකයාට
කිහිලි කරු අවශ්‍ය නැහැ.
ඔහු තමන්ගෙ ගමන යන්නෙ තමන්ගෙම දෙපයින්.
බුදුන් වහන්සේ දේශනා කළ මාර්ගයෙ
තමන්ගෙම දෙපයින් නිදහසේ යනවා.
ඔහු ගස් ගල් වලට වන්දනා කරමින්
කාලය නාස්ති කරන්නෙ නෑ.
කාගේවත් කට දිහා බලාගෙන බණ අහමින්
කෙනෙක් වටා කල්ලි ගැසී කාලය නාස්ති කරන්නෙ නෑ.
ඔහු මග අහගෙන ඒ මාර්ගයෙ යනවා.

1, තෙරුවන් ගැන පැහැදිලා
තෙරුවන් සරණ යන පමණින්ම ඔහු උප ශ්‍රාවකයෙක්.
2, ඔහු ශ්‍රාවකයෙක් වෙන්නෙ සිල්වතෙක් වීමෙන්.
3, විපස්සනා වඩන්නා ආර්ය ශ්‍රාවකයෙක්.
4, සෝවාන් වුණ කෙනෙක් ආර්ය පුද්ගලයෙක්.
එතනින් එහාට ඔහු නිදහස් වීම
නිවන් දකීම අනිවාර්යයි.

සිල්වතාත් ශ්‍රාවකයෙක්.
ඒත් ඔහු දූෂිත සිත ඇති කෙනෙක්.
ඔහුගෙ සිත රැකගෙන අන් අයට හානියක් නොකරන නිසා
ඔහු සිල්වතෙක් විදියට සමාජයට ආශීර්වාදයක්.
ඔහු සිත නිවා ගත්තාම සමාහිත සිතැත්තෙක්.
තමන් ගැන සිහියෙන් සමාහිත සිතින් වෙසෙන්නා
විදසුන් වඩන ආර්ය ශ්‍රාවකයෙක්.

ආර්ය ශ්‍රාවකයාට වෙනත් කිසිම සරණක් නෑ.
ඔහු තමන් සරණ ගිය තමාට තමාම පහනක් වුණ කෙනෙක්.
ඔහු මාර්ගයෙ යන කෙනෙක්.

කිසිදු බාහිර සරණක්, පිහිටක්, පහනක් නෑ.
බුදුන් වහන්සේගෙ උපදෙස මෙයයි..

තමා දීපයක් කොට වෙසෙන්න.
තමා සරණයි, අන් සරණක් නැත.
ධර්මය දීපයයි, ධර්මය සරණයි.
අන් සරණක් නැත.

කෙසේද මහණෙනි
තමා දීපයක් කොට වෙසෙන්නේ?
තමා සරණයි, අන් සරණක් නැත්තේ,?
ධර්මය දීපයයි, ධර්මය සරණ වන්නේ?

මහණෙනි, යම් මහණෙක්,
1, කයෙහි කය අනුව දකිමින් වෙසෙයි,
වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව වෙසෙයි,
2, වේදනා වල වේදනා අනුව දකිමින්,
වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව වෙසෙයි,
3, සිතෙහි සිත අනුව දකිමින්,
වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව වෙසෙයි,
4, දහම්හි දහම් අනුව දකිමින්
වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව වෙසෙයි,

මහණෙනි එසේ
තමා දීපයක් කොට වෙසෙන්න.
තමා සරණයි, අන් සරණක් නැත.
ධර්මය දීපයයි, ධර්මය සරණයි.
අන් සරණක් නැත

දීඝනිකායේ චක්‌කවත්‌තිසුත්‌තං

Wednesday, February 8, 2017

පොත් කියවන දරුවාට විභාග ජයගැනීම පහසුයි.



අනේපිඩු සිටු තුමා
බුදුන් වහන්සේ ළඟට ගිය පුතාට
ඔහු යන වාරයක් පාසා
මුදල් ගෙවා තියනවා.

දරුවෙකුට නොමිලේ සලකනවාට වඩා
ඔහු අපෙන් යමක් උපයා ගැනීම
හිතට සතුටක් වගේම
අපි අතර ඇතිවෙන්න ඉඩ තියන
අනවශ්‍ය බැඳීමෙනුත් මිදීමක්.
අප මෙන්ම ඔහුත් නිදහස්.
අපටත් වඩා
දරුවාට ඒ නිදහස වටිනවා.

මාසෙකට විතර කලින්
පුතා මේ ඩයිනොසෝර් අරන් ඉල්ලුවා.
"මාසයක් ඇතුළත
පිටු 1500ක පොත් කියෙව්වොත්
අරන් දෙන්නම්" කියා දුන් පොරොන්දුව
අපි අද ඉටු කළා.

ඒ මුදල
වෙන දේකට වියදම් කරලා
ඊට වඩා වටිනා දෙයක්
අපට ලබාගන්න පුලුවන් කියා
මම හිතන්නෙ නැහැ.

කියවූ පොත් වලින් ඔහුට එකතුවුණ දේත්
නිශ්චිත කාලයක් අරමුණක් පසුපස හඹා යන්නට
ඔහුට නිතැතින් ලැබුණ පුහුණුවත්
යමක් දිනාගැනීමෙන් ඔහු ලබන සතුටත් සමග
දරුවෙක් පොත් කියවන්න හුරුවෙද්දි
දෙමාපියන් විදියට අපි වින්ද සතුටත්
මුදලෙන් මිළ කරන්න බැහැ.

 ඔබ කියවීමට හොර ඇති.
නොකියවන කෙනෙකුට කියවීම වටින්නෙ නෑ.

ඔබේ දරුවා පාසල් යන කාලෙට
ඔහුගෙ දක්ෂතාවයෙ තරමට
විභාග වලින් ලකුණු නොලැබෙන කොට
ඔහුට ප්‍රශ්න පත්‍රයක් කරන්න දීල බැලුවොත්
කියවීම ඔහුට කොතරම් අවශ්‍යද කියා
ඔබට වටහාගන්න පුලුවන් වේවි.

දක්ෂ බුද්ධිමත් දරුවන්
විභාගවලින් අසමත් වෙන්න
ප්‍රධානම හේතුවක් වෙන්නෙ
ප්‍රශ්නය පහසුවෙන් කියවා
හොඳින් තේරුම් ගන්නට තරම්
ඔහුගෙ කියවීමෙ හැකියාව දියුණු නැති වීමයි.

දෙවනුව
වචන හා වාක්‍ය ගලපා ලියන්නට
ඔහුට හුරුවක් නැති නිසයි.

කුඩා කල සිටම පෞද්ගලික පාසල්වල
හතරෙ පන්තියෙ අවසාන වාරය තෙක්ම
ඉංග්‍රීසියෙන් ඉගෙන ගත් මගේ පුතාට
ළමයි 85ක් ඉන්න කුඩා ප්‍රාථමික පාසලකින්
169ක් අරන් 5 ශිෂ්‍යත්වෙ සමත් වෙන්න හැකි වුණේ
අපි හැකි උපරිමයෙන් ඔහුට සිංහල කියවීම
හුරුකර තිබුණ නිසයි.
5 ශිෂ්‍යත්වෙන් දෙවැන්නාට ලකුණු 111යි..
ඒ පරතරයට ප්‍රධාන හේතුව
ඉංග්‍රීසියෙන් ඉගෙන ගත් අපේ පුතා
සිංහල කියවීමට හුරුවීම සහ
ඒ පාසලේ 1 වසරෙ සිටම
සිංහලෙන් ඉගෙන ගත් අනෙක් සිසුන්
කියවීමට හුරු නොවීම.
.
කියවන්න බැරි ළමයාට
අනිවාර්යයෙන්ම ලියන්නත් බෑ.

දරුවෙක් මොන ටියුෂන් පන්තියට ගියත්
කියවන්නෙ නැත්නම් දැනුම ලැබෙන්නෙ අඩුවෙන්.
ලැබෙන දැනුමත් කොළේක ලියාගන්න බෑ.

කියවීම දරුවගෙ අවශ්‍යතාවයක්..
දරුවා කියවීම අපට පහසුවක්.

Sunday, January 29, 2017

දුක නිවන්න, තාත්තා අරන් දුන් චිත්‍රකතා පොත..


මෙතෙක් ආ ගමනේ වීරත්වය කාට ද හිමිවෙන්න ඕනි සර්?
සහතිකවම තාත්තා තමයි මගේ වීරයා. මොකද මම එහෙම කියන්නේ එයා තරම් මාව හඳුනාගත්ත වෙනත් කෙනෙක් තවත් නෑ. මගේ තාත්තා කඩුගන්නාවේ රජයේ බෙහෙත් ශාලාවේ ඔෟෂධ සංයෝජකයෙක් ලෙසයි රැකියාව කළේ. ඒක ලොකු වැටුප් හම්බවෙන ඉහළ තරාතිරමේ රැකියාවක් නො වුණත් ගමේ අය තාත්තට හරියට සැලකුවා. ගමේ අය තාත්තට කිව්වේ රත්නායක වෙදමහත්තයා කියලා. තාත්තට යන යන තැන අපූරු මිතුරන් පිරිසකුත් හිටියා. එයා අතිශය කලාකාමී චරිතයක්. මගේ කුඩා කාලේ අපේ ගෙදර නිරන්තරයෙන් සංගීතය ඇහෙන පරිසරයක් තිබුණා. අපි ඒවට කිව්වේ සංගීත සාජ්ජ කියලා. ගමෙත් එහෙමයි. සංගීත සාජ්ජ තිබුණා. මේවායේ සර්පිනා, තබ්ලා, බටනලා, මැන්ඩලීන් වැනි වාදක භාණ්ඩ මැනවින් තිබුණා. අපි මේ වගේ අවස්ථාවලින් ලොකු වින්දනයක් ලැබුවා. ඉතින් තාත්තා ගැන කතාවට මම එන්නම්. අපේ ගමේ ඔය හැම විශේෂ අවස්ථාවකම ඒ කියන්නේ කොටහළු මඟුල් ගෙයක්, මඟුල් ගෙයක්, ස්ථාන මාරුවක් මේ හැම එකකම සාජ්ජ තිබුණා. එක දවසක් ඔය වගේ සාජ්ජයක සංගීතය අතරතුර ලැබුණු විරාමයක වාදක පිරිස පොඩ්ඩකට එහාමෙහා වුණා. ඒ වෙලාවේ මට ඒ වාදක භාණ්ඩ අතර තිබුණු සර්පිනාව අතපත ගාන්න ආස හිතුණා. ඒක ෆුට් බෙලෝ සර්පිනා එකක්. ඒක වාදනය කරන්න ඕන කකුලෙන් පාග පාගා හුළං දෙමින්. මමත් කකුල් දෙකින් බෙලෝ එක පාගමින් අර ඇඟිල් පුවරුවේ අත එහාමෙහා ආසාවට අරන් ගියා. මට එකපාරටම ලොකු ටොක්කක් වැදුණා රිදෙන්නම. ඒ මේ සර්පිනා එකේ අයිතිකරුවාගෙන්. ඊටපස්සේ මගේ කන් කෙටියෙන් අල්ලලා මාව පැත්තකට වීසි කරන ගමන් කිව්වා මේක සෙල්ලම් බඩුවක් කියලා හිතුව ද කියලා. ඉතින් ඔය සිද්ධිය අපේ තාත්තට ආරංචි වෙලා එයාගේ හිත හොඳටම රිදිලා තැන් තැන්වල ගිහින් ටොකු කන්නේ නැතිව මෙන්න ඉගෙන ගනින් කියලා අර වර්ගයේම සර්පිනාවක් මට අරන් දුන්නා. ඒක තමයි මගේ සංගීත දිවියේ ආරම්භය.
----------------------------------------------------වික්ටර් රත්නායක



 මගේ ජීවිතයෙත්
මෙවැනිම සිදු වීමක් තියනවා.

 
ඒ දවස්වල තාත්තා වැඩ කළේ
දෙනියායෙ කිරිවැල්දොළ රොක්ලන්ඩ් වත්තෙ
කොන්දොස්තර කෙනෙක් විදියටයි.

 

මම හය හත වසරෙ විතර ඉන්න කාලෙ
එක පාසල් නිවාඩුවකට
තාත්තා මාව ඒ වත්තට එක්ක ගියා.
ඒ ගමනෙදි වත්ත හිමිකරුවන්ගෙ
ගෙදරට ගිය බව මට මතකයි.
අලිගැට පේර කාල වමනෙ ගිය හැටිත්
එදා සිට අදටත් අලිගැටපේර
මට අප්‍රිය වීමත් මතක සටහනක්.
ඒ ගෙදර වතුර ටැංකිය,
ඒ ටැංකියට වතුර ලබාගන්න
කන්දෙ හදල තිබුණ ටැංකියෙ
ප්‍රතිසංස්කරණයකට ගිය බව
ඒ අසල ගෙදරකදි තෑගි ලැබුණ
කුණුලේ පාට ප්ලාස්ටික් කොපුවක් සහිත
මවුත් ඕගන් එක මට මතකයි.

අපි නවාතැන් අරන් හිටියෙ
වත්තෙ තියන දළු මඩුවෙ කාමරේක.

දවසක් හැන්දෑවෙ හතට විතර
තාත්තා මාත් එක්ක දළු මඩුව අසල
තාත්තගෙ මිතුරෙකුගෙ ගෙදරට ගියා.
ඒ ගෙදර "නීලා චිත්‍රකතාව තිබුණා.

 
මම ඒ කතාව ඉතා ආශාවෙන් කියෙව්වා.
තාත්තා සතුටු සාමීචිය නිමා වෙලා
පිටත් වෙන වෙලාව වෙද්දි
කතාව කියවා ඉවර කරගන්න
මට බැරි වුණා.

පොත අරන් ගිහින් කියවන්න මම ඉල්ලුවා.
ඔවුන් දෙන්න කැමතිවුණේ නැහැ.
මගේ හිතේ දුකත් තරහත් නිසා
මම මග දිගට කළුවරේ හඬමින්
පාර දෙපැත්තෙ තේ ගස්වල කොළ කඩමින්
තාත්තා පිටුපසින් ආවා.
තාත්තා වචනයක්වත් කිව් බවක්
මට මතක නැහැ.

නිවාඩුව ඉවර වෙලා
තාත්තා මා එක්ක ගෙදර යන්න
පිටත් වෙලා ආපහු එද්දි
බස් රථය දෙනියායෙ නැවතුම් පොළේ
ටික වෙලාවකට නතර කළා.
මම ජනේලයක් ළඟට වෙලා
බලාගෙන්න ඉඳිද්දි
තාත්තා බස් එකෙන් බැහැලා
මම ඉන්න පැත්තෙ මහපාර පැනලා
එතන තිබුණ කඩේකට ගියා.
ඒ කඩේ එල්ලා තිබුණ චිත්‍රකතා පොතක්
අරන් තාත්තා මට ගෙනත්දුන්නා.
ඒ "බිලිපූජාව" හතරවෙනි කොටස.

මගේ ජීවිතය මූලිකවම මම ගතකරන්නෙ
චිත්‍රකතා ශිල්පියෙක් විදියට කියල
තාත්තා එදා හිතන්න නැතුව ඇති.

පාසල් යද්දි චිත්‍ර ඇඳීම
තාත්තා අනුමත නොකළත්
පත්තරවල කතා පළවෙද්දි
තාත්තා අහිංසක ආඩම්බරයක් ලැබුවා.