මගේ පවුලෙන් ආව ගතිගුණ මා තුළ තියනවා.
මගේ පියාත් මම වගේම අඬ දබර වලට පැටලුණ
ඒ වගේම බියේ පළා නොගිය කෙනෙක්.
ඔහු තුළ තිබුණ ආත්ම දමනයත් මා තුළ තියනවා.
මම කුඩා කාලයේ මාතර හක්මණ පාරේ
ගල්හේන්ගොඩ කියන ස්ථානයේ බස් නැවතුමක
භික්ෂූන් වහන්සේ කෙනෙක් සමග වාදයක යෙදුණ
මගේ තාත්තා කෝපයට පත් වුණා.
"ඔබවහන්සේ හාමුදුරු කෙනෙක් නොවුණා නම්
මම මෙලහට ගහලා" ඔහු කිව්වා.
ඒ වෙලාවෙ
තාත්තාගෙ අතේ ලෝම පවා කෙළින් සිටියා.
මම ඔහුගෙන් එදා ඒ පාඩම ඉගෙන ග්ත්තා.
ආවේගශීලී වෙන කෙනෙකුට වටිනාම අවිය
ආත්ම දමනයයි.
එමෙන්ම ඔහු ඒ බව භික්ෂුන් වහන්සේට
ඍජුව ප්‍රකාශ කිරීමත් මම අගය කරනවා.
ඔහු අපිට 'උඹ බං බොලං' කියන්න දුන්නෙ නෑ.
බොරු කියන්න දුන්නෙ නෑ.
ඒ පදනම ඇතිව පැමිණි මට
බුදුන් වහන්සේ හොඳින් පෑහුණා.
"අධිකරණයක් ඇති වුණොත්
පැනයන එක හොඳ නෑ"
කියා බුදුන් වහන්සේ කියනවා.
ඒ වගේම
"මමත් සටන්බිමට බට ඇතෙක් වගෙයි"
කියා උන්වහන්සේ කල ප්‍රකාශයත්
මහඟු ආදර්ශයක්..
මගේ පියාත් මම වගේම අඬ දබර වලට පැටලුණ
ඒ වගේම බියේ පළා නොගිය කෙනෙක්.
ඔහු තුළ තිබුණ ආත්ම දමනයත් මා තුළ තියනවා.
මම කුඩා කාලයේ මාතර හක්මණ පාරේ
ගල්හේන්ගොඩ කියන ස්ථානයේ බස් නැවතුමක
භික්ෂූන් වහන්සේ කෙනෙක් සමග වාදයක යෙදුණ
මගේ තාත්තා කෝපයට පත් වුණා.
"ඔබවහන්සේ හාමුදුරු කෙනෙක් නොවුණා නම්
මම මෙලහට ගහලා" ඔහු කිව්වා.
ඒ වෙලාවෙ
තාත්තාගෙ අතේ ලෝම පවා කෙළින් සිටියා.
මම ඔහුගෙන් එදා ඒ පාඩම ඉගෙන ග්ත්තා.
ආවේගශීලී වෙන කෙනෙකුට වටිනාම අවිය
ආත්ම දමනයයි.
එමෙන්ම ඔහු ඒ බව භික්ෂුන් වහන්සේට
ඍජුව ප්‍රකාශ කිරීමත් මම අගය කරනවා.
ඔහු අපිට 'උඹ බං බොලං' කියන්න දුන්නෙ නෑ.
බොරු කියන්න දුන්නෙ නෑ.
ඒ පදනම ඇතිව පැමිණි මට
බුදුන් වහන්සේ හොඳින් පෑහුණා.
"අධිකරණයක් ඇති වුණොත්
පැනයන එක හොඳ නෑ"
කියා බුදුන් වහන්සේ කියනවා.
ඒ වගේම
"මමත් සටන්බිමට බට ඇතෙක් වගෙයි"
කියා උන්වහන්සේ කල ප්‍රකාශයත්
මහඟු ආදර්ශයක්..