Monday, August 31, 2015
Friday, August 7, 2015
AudioRead - ඉංග්‍රීසි කියවීම හුරු කරගන්න..
වයස වසර දෙකේදි විතර
Jurassic Park බලපු කාලෙ ඉඳලා
පුතා ඩයිනොසෝර්ලාට ආසයි.
ඔහු Jurassic Park චිත්‍රපටිය නිතර නිතර බැලුවා.
ඩයිනොසෝර්ලගෙ ගමන් අනුකරණය කළා..
සෙල්ලම් බඩු එකතු කළා. රූප එකතු කළා.
මේ ඇල්ම මත ඔහු කියවන්න හුරු කර ගැනීමට
අපි බලාපොරොත්තු වුණා.
ඒ කාලෙම වගේ BMICH ප්‍රදර්ශනයෙන්
පුතා ලොකු පොතක් ගත්තා.
ඔහු ඩයිනෝසෝර් පොත් කීපයක් ගත්තා.
ජෙහාන් අයියගෙ පොත්
පොඩි නැන්දාත් ගෙනත් දුන්නා.
ඔහු කියවාවි කියන බලාපොරොත්තුවෙන්
අපිත් ඩයිනෝසෝර් පොත් අරන් දුන්නා.
නොයෙක් දිරිගැන්වීම් වලින් පසු
පොත් කියවන්න පුලුවන් වුණත්
තැන් තැන්වලින් කියවනවා විතරයි.
පොතම කියවන්න කියා නියම කරලා
වෙනත් නොයෙක් සිංහල, ඉංග්‍රීසි පොත්
වරින් වර කියවන්න හුරුකළා.
කියවීම දියුණු වුවත්
තනිවම කියවන්න තරම්
දියුණු වුණේ නෑ.
පළමු වතාවට
අද ඔහු එක පොතක් මුල ඉඳලා
කියවමින් සිටියා.
Dinosaurs
Michael Benton Kingfisher books
ඒ වෙලාවෙ
දෝණි කැස්පර් චිත්‍රකතා පොතක රූප බලන නිසා
තේරුණේ නැතත් හැම දෙබසක්ම කියවන්න
කියා මම ඇයට කිව්වා.
චිත්‍රකතා පොත් කියෙව්ව නිසා
ඔහුට කියවීම පහසු වුණා කියල
ඒ වෙලාවෙ පුතා කිව්වා
.
ඒත්
ඔහු ඊළඟ මොහොතෙ කිව්වා
"නැහැ... Audio Book කියවපු නිසා" කියලා.
ඔහු මෙතෙක් කියෙව්වෙ එක Audio Book එකක් විතරයි.
මේ Audio Book හඬ පටය සමග
සර් ආතර් කොනන් ඩොයිල්ගේ
The Lost World
පිටු 264ක පොත ඔහු කියෙව්වා.
කියවීමට ඇති නොකැමැත්ත දුරුවෙන්න
ඒ පොත ඔහුට ආධාර වුණේ
අපේ හෝ ගුරුවරුන්ගේ මැදිහත්වීමක් නැතිවයි.
මේ ක්‍රමය විමසා බලන්න.
Jurassic Park බලපු කාලෙ ඉඳලා
පුතා ඩයිනොසෝර්ලාට ආසයි.
ඔහු Jurassic Park චිත්‍රපටිය නිතර නිතර බැලුවා.
ඩයිනොසෝර්ලගෙ ගමන් අනුකරණය කළා..
සෙල්ලම් බඩු එකතු කළා. රූප එකතු කළා.
මේ ඇල්ම මත ඔහු කියවන්න හුරු කර ගැනීමට
අපි බලාපොරොත්තු වුණා.
ඒ කාලෙම වගේ BMICH ප්‍රදර්ශනයෙන්
පුතා ලොකු පොතක් ගත්තා.
ඔහු ඩයිනෝසෝර් පොත් කීපයක් ගත්තා.
ජෙහාන් අයියගෙ පොත්
පොඩි නැන්දාත් ගෙනත් දුන්නා.
ඔහු කියවාවි කියන බලාපොරොත්තුවෙන්
අපිත් ඩයිනෝසෝර් පොත් අරන් දුන්නා.
නොයෙක් දිරිගැන්වීම් වලින් පසු
පොත් කියවන්න පුලුවන් වුණත්
තැන් තැන්වලින් කියවනවා විතරයි.
පොතම කියවන්න කියා නියම කරලා
වෙනත් නොයෙක් සිංහල, ඉංග්‍රීසි පොත්
වරින් වර කියවන්න හුරුකළා.
කියවීම දියුණු වුවත්
තනිවම කියවන්න තරම්
දියුණු වුණේ නෑ.
පළමු වතාවට
අද ඔහු එක පොතක් මුල ඉඳලා
කියවමින් සිටියා.
Dinosaurs
Michael Benton Kingfisher books
ඒ වෙලාවෙ
දෝණි කැස්පර් චිත්‍රකතා පොතක රූප බලන නිසා
තේරුණේ නැතත් හැම දෙබසක්ම කියවන්න
කියා මම ඇයට කිව්වා.
චිත්‍රකතා පොත් කියෙව්ව නිසා
ඔහුට කියවීම පහසු වුණා කියල
ඒ වෙලාවෙ පුතා කිව්වා
.
ඒත්
ඔහු ඊළඟ මොහොතෙ කිව්වා
"නැහැ... Audio Book කියවපු නිසා" කියලා.
ඔහු මෙතෙක් කියෙව්වෙ එක Audio Book එකක් විතරයි.
මේ Audio Book හඬ පටය සමග
සර් ආතර් කොනන් ඩොයිල්ගේ
The Lost World
පිටු 264ක පොත ඔහු කියෙව්වා.
කියවීමට ඇති නොකැමැත්ත දුරුවෙන්න
ඒ පොත ඔහුට ආධාර වුණේ
අපේ හෝ ගුරුවරුන්ගේ මැදිහත්වීමක් නැතිවයි.
මේ ක්‍රමය විමසා බලන්න.
AudioRead - ඉංග්‍රීසි කියවීම හුරු කරගන්න පහසු ක්‍රමයක්
Wednesday, August 5, 2015
පාසල් නිවාඩුව ඇවිත්. -බුදුදහමෙ හරය ඉගෙන ගැනීමට...
පාසල් නිවාඩුව ඇවිත්.
දැන් වසර කීපයක ඉඳන්
පුතාත්, දෝණිත් නිවාඩු දවස පටන් ගන්නෙ
බුදුදහමෙ හරය ඉගෙන ගැනීමෙන්.
පඤ්චස්ඛන්දය, නීවරණ, පටිච්ච සමුප්පාදය ආදිය
අත්දැකීම් වලට සම්බන්ධව දැනගන්නට
කලක් තිස්සේ ඔවුන්ට හුරු වුණා.
බොහෝ විට,
ඉතාම හෙමින්, ඔවුන්ගෙන් ප්‍රශ්න අසමින්,
ඔවුන් තුලින්ම දැනගන්න සලස්වමින්
දැනුමට වඩා අත්දැකීමට සමීප කළා.
දැනුම වචන විදියට මතක තබාගන්නට
කිසිසේත්ම ඔවුන් උනන්දු කළේ නෑ.
පාලි වචන මතක තියාගන්න පුරුදු කළා.
"මේ දේවල් ඉගෙන ගැනීමත්
පාසලේදි කරන ඉගෙන ගැනීමත් අතර
වෙනස මොකක්ද." කියා මා විමසුවා.
"ආස හිතෙනවා "දෝණි කිව්වා.
"ඒ ඉගෙන ගන්න දේවල් වැඩක් නෑ
කියලා හිතෙනවා" පුතා කිව්වා.
"ඒ හින්දා තමයි,
බුදු හාමුදුරුවො කියල තියෙන්නෙ
සබ්බ ධම්ම රසං ජිනාති, කියලා.
හැම රසයක්ම පරදවලා
ධම්ම රසය දිනනවා." මම කිව්වා.
"ඒක ඇත්ත."පුතා සරලව කිව්වා.
"ඒ දේවල් වලට ආස වුණත්
අපට වැඩක් නෑ කියල හිතෙනවා."
ඔහු එකතු කළා.
"ඇයි මේ දේවල්
ඉස්කෝල වල උගන්වන්නෙ නැත්තෙ?"
කියලා පුතා ඇහුවා.
"උගන්වන්න තමන් රස විඳලා
තියෙන්න එපායැ"
වෙනත් හේතුවක් ඇත්තටම නැහැ.
අද නැවතත්
පඤ්චස්කන්දය විමසා බැලීම ඇරඹුවා.
ඔවුන් දෙදෙනාටම පඤ්චස්කන්දය මතකයි.
ඵස්ස, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ.
අපි අද ඉගෙනගන්නෙ ඵස්ස - ස්පර්ශය.
ස්පර්ශයක් දැනෙන්න නම්
කරුණු තුනක් සම්පූර්ණ විය යුතුයි.
1, ඇස
2, රූප
3, ඇසේ දැනීම.
මේ තුන නිසා ස්පර්ශය උපදී.
ඇසත් රූපයත් හමුවීමෙන්
ඇසේ දැනීම ඇතිවෙනවා.
මේ තුන එක්වීම ස්පර්ශයයි.
1, චක්ඛු
2, රූපං
3, චක්ඛු විඤ්ඤාණ
චක්‌ඛුඤ්‌ච පටිච්ච රූපෙව උප්පජ්ජති
චක්‍ඛු විඤ්ඤාණං
තිණ්ණං සංගති ඵස්සො.
පළවෙනි ආයතනය කියල දෙන විටම
"මේ ටික ලියාගන්න ඕන" කියා පුතා කිව්වා.
ඒ උවමනාව ඔහු තුළින්ම එනතුරු
මම ඔවුන්ට වචන ලියාගන්න කිව්වෙ නෑ.
මේ ආකාරයට
එකින් එක මගෙන් විමසමින්
ඔවුන් ආයතන හයටම සම්බන්ධ
වචන මාලාව සටහන් කරගත්තා.
ඔවුන් දන්න මිතුරන්ට, නෑසියන්ට
මේ ට්ක කියා දෙන්න කියා මම ඔවුන්ට කිව්වා.
"මම කියල දෙන්න හදනවා.
කවුරුවත් අහන් ඉන්නෙ නෑ" පුතා කිව්වා.
"අහන් ඉන්න කෙනෙක් ලැබුණාම කියන්න."
මම වැඩියෙන්ම දහම ඉගෙන ගත්තෙ
මේ දෙන්නට කියාදෙන්න
ගතකළ වෙලාවන් වලදියි.
මේ අපි හමුවුණ පළමු වතාව නොවෙයි...
මම හිතනවා.
දැන් වසර කීපයක ඉඳන්
පුතාත්, දෝණිත් නිවාඩු දවස පටන් ගන්නෙ
බුදුදහමෙ හරය ඉගෙන ගැනීමෙන්.
පඤ්චස්ඛන්දය, නීවරණ, පටිච්ච සමුප්පාදය ආදිය
අත්දැකීම් වලට සම්බන්ධව දැනගන්නට
කලක් තිස්සේ ඔවුන්ට හුරු වුණා.
බොහෝ විට,
ඉතාම හෙමින්, ඔවුන්ගෙන් ප්‍රශ්න අසමින්,
ඔවුන් තුලින්ම දැනගන්න සලස්වමින්
දැනුමට වඩා අත්දැකීමට සමීප කළා.
දැනුම වචන විදියට මතක තබාගන්නට
කිසිසේත්ම ඔවුන් උනන්දු කළේ නෑ.
පාලි වචන මතක තියාගන්න පුරුදු කළා.
"මේ දේවල් ඉගෙන ගැනීමත්
පාසලේදි කරන ඉගෙන ගැනීමත් අතර
වෙනස මොකක්ද." කියා මා විමසුවා.
"ආස හිතෙනවා "දෝණි කිව්වා.
"ඒ ඉගෙන ගන්න දේවල් වැඩක් නෑ
කියලා හිතෙනවා" පුතා කිව්වා.
"ඒ හින්දා තමයි,
බුදු හාමුදුරුවො කියල තියෙන්නෙ
සබ්බ ධම්ම රසං ජිනාති, කියලා.
හැම රසයක්ම පරදවලා
ධම්ම රසය දිනනවා." මම කිව්වා.
"ඒක ඇත්ත."පුතා සරලව කිව්වා.
"ඒ දේවල් වලට ආස වුණත්
අපට වැඩක් නෑ කියල හිතෙනවා."
ඔහු එකතු කළා.
"ඇයි මේ දේවල්
ඉස්කෝල වල උගන්වන්නෙ නැත්තෙ?"
කියලා පුතා ඇහුවා.
"උගන්වන්න තමන් රස විඳලා
තියෙන්න එපායැ"
වෙනත් හේතුවක් ඇත්තටම නැහැ.
අද නැවතත්
පඤ්චස්කන්දය විමසා බැලීම ඇරඹුවා.
ඔවුන් දෙදෙනාටම පඤ්චස්කන්දය මතකයි.
ඵස්ස, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ.
අපි අද ඉගෙනගන්නෙ ඵස්ස - ස්පර්ශය.
ස්පර්ශයක් දැනෙන්න නම්
කරුණු තුනක් සම්පූර්ණ විය යුතුයි.
1, ඇස
2, රූප
3, ඇසේ දැනීම.
මේ තුන නිසා ස්පර්ශය උපදී.
ඇසත් රූපයත් හමුවීමෙන්
ඇසේ දැනීම ඇතිවෙනවා.
මේ තුන එක්වීම ස්පර්ශයයි.
1, චක්ඛු
2, රූපං
3, චක්ඛු විඤ්ඤාණ
චක්‌ඛුඤ්‌ච පටිච්ච රූපෙව උප්පජ්ජති
චක්‍ඛු විඤ්ඤාණං
තිණ්ණං සංගති ඵස්සො.
පළවෙනි ආයතනය කියල දෙන විටම
"මේ ටික ලියාගන්න ඕන" කියා පුතා කිව්වා.
ඒ උවමනාව ඔහු තුළින්ම එනතුරු
මම ඔවුන්ට වචන ලියාගන්න කිව්වෙ නෑ.
මේ ආකාරයට
එකින් එක මගෙන් විමසමින්
ඔවුන් ආයතන හයටම සම්බන්ධ
වචන මාලාව සටහන් කරගත්තා.
ඔවුන් දන්න මිතුරන්ට, නෑසියන්ට
මේ ට්ක කියා දෙන්න කියා මම ඔවුන්ට කිව්වා.
"මම කියල දෙන්න හදනවා.
කවුරුවත් අහන් ඉන්නෙ නෑ" පුතා කිව්වා.
"අහන් ඉන්න කෙනෙක් ලැබුණාම කියන්න."
මම වැඩියෙන්ම දහම ඉගෙන ගත්තෙ
මේ දෙන්නට කියාදෙන්න
ගතකළ වෙලාවන් වලදියි.
මේ අපි හමුවුණ පළමු වතාව නොවෙයි...
මම හිතනවා.
Subscribe to:
Posts (Atom)