මේ කාලයට සම්බන්ධ මතක සටහන්
ඔබටත් ඇති. Hemnath.
'''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
ජනේලෙන් චිත්‍රය පෙන්වූ බව
මට පැහැදිලිව මතක නෑ.
බන්දුල එතරම් සමීපව උන් කෙනෙක් බවත්
අද වෙන තුරු මම දන්නෙත් නැහැ.
වීදුරුවෙ ඇන්ද චිත්‍ර දෙකක්
මම වික්ටර් රත්නායකයන්ට දුන්නා.
පාගොඩ දේවාල පාරේ නිවසේ
ඔහුගෙ සංගීත කාමරයේ සමරු අතර
ඒ චිත්‍ර දෙක තිබුණා.
මම පාසල් වියේදි
චිත්‍ර කතා ඇඳගෙන කොළඹ එන්න
මුදල් හොයාගත්තෙ
ලැකර් වලින් වීදුරුවෙ අඳින චිත්‍ර වලින්.
A4 ප්‍රමාණයෙ චිත්‍රයක්
රුපියල් 30කට විකුණනවා.
ඒ සල්ලි වලින් කොළඹ ඇවිත්
හින්දි චිත්‍රපටි දෙකක් බලා
හවස ගෙදර ය්නවා.
බන්දුල ඉගෙන ගත්ත
රිච්මන්ඩ් විදුහලේ සියවස ප්‍රදර්ශනයට
මෙවැනි චිත්‍ර කිහිපයක් මම තිව්වා.
ඒ අතර මේ චිත්‍ර දෙකම හෝ
එකක් තියෙන්න ඇති.
මම ඒ සඳහා මූලාශ්‍ර කරගත්තෙ
පාරෙන් ගලවා ගත් පෝස්ටර් එකක්.
වික්ටර්ගෙ "ස" බලන්න වේදිකාවට
නොයෙක් ක්‍රමවලින් ඇතුල්වෙන්න පුරුදුවී හිටියා.
බන්දුලට තරම් හොඳින්
සිදුවීම මතක නැතත් චිත්‍රය ඉන් එකක්.
සාමාන්‍යයෙන් මම කරන්නෙ බස් එක ආවම
ප්‍රේම් කේඩීකේ ලක්ෂ්මන් වගේ
කවුරු හරි කෙනෙක් එක්ක කතාවට වැටිලා
හෙමිහිට ඇතුලට යන එකයි.
සංවිධානය භාරව සිටි
වික්ටර්ගේ මිය ගිය බිරිඳ
ඇතුළු හැම කෙනෙක්ම හුරු වූ නිසා
ඇතුල්වෙන්න බැරිවුණ රසිකයන්
ජනෙල් දොරවල් කඩාගෙන ඇතුළට වදින අතරෙ
පිටුපස දොරෙන් ඇතුල් වෙලා
තිර රෙදි අතරට වී
සැනසිල්ලෙන් ප්‍රසංගය රස වින්දා.
වික්ටර් වගේ කෙනෙකුට ඒ තරම් සමීපවීමත්
අපිට මහඟු අත්දැකීමක්.
ඔහු කොතරම් ජනප්‍රිය වුණත්
හරිම නිහතමානීව රසිකයන් බෙදා වෙන් නොකර
ඉතාම සුහදව හැසිරෙමින්
වචනයෙන් සත්කාර කළ ආදරණීය මිනිසෙක්.